Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින එකම වෙඩි තැබීමේ ක්‍රීඩිකාව වන ටෙහානි එගොඩවෙල හෙට (24 වැනිදා) තරග බිමට පිවිසෙයි. ඇය මේ වන විට 35 වැනි වියේ පසුවන ටෙහානි මීටර 10 වායු රයිෆල් ඉසව්වෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වදී.
1986 වසරේ අප්‍රේල් මස 19 වැනිදා උපන් ඇය, කොළඹ යහපත් එඩේරාගේ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය හදාරා ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූවාය.
2016 වසරේ ඉන්දියාවේ ගුවහටි නුවරදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මෙන්ම 2019 වසරේ නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදීද මීටර 50 රයිෆල් කණ්ඩායම් ඉසව්වෙන් ලෝඩක පදක්කම් හිමිකර ගැනීමට ටෙහානි සමත් වූවාය.
මේ වන විට මීටර් 10 වායු රයිෆල් ඉසව්වේ සහ මීටර් 50 වායු රයිෆල් ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවන්ට හිමිකම් කියන ටෙහානි, මීටර් 10 වායු රයිෆල් ඉසව්වේ ආසියානු ශ්‍රේණිගත කිරීම්හි 77 වැනි ස්ථානයේද, ලෝක ශ්‍රේණිගත කිරීම්හි 223 වැනි ස්ථානයේද පසුවන්නීය.
2019 වසරේ කුවේට්හි පැවැති එච්.එච්. අමීර් කුසලාන ගෝන් ප්‍රී වෙඩි තැබීමේ තරගාවලියේදීද ශ්‍රී ලංකාව නියෝජනය කළ ටෙහානි, එහිදී මීටර් 10 වායු රයිෆල් ඉසව්වේ 6 වැනි ස්ථානය හිමිකර ගත්තාය.
සැකසුම - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.