Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික මලල ක්‍රීඩා තරගාවලිය කල්යයි

ජාතික මලල ක්‍රීඩා තරගාවලිය කල්යයි

editorial - 2021 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස පිටියේදී මෙම 20 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ 99 වැනි ජාතික මලලක්‍රීඩා තරගාවලිය කල්දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කර තිබේ.

මැයි මස අග භාගයේ සිට සති අන්ත දින කිහිපයකදී කොටස් වශයෙන් ජාතික මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට අද (09) රැස්වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා විධායක කමිටුව තීරණය කර තිබේ.

තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතින් අයදුම්පත් කැඳවීමද අවලංගු කර තිබේ.  ඒ වෙනුවට ශ්‍රී ලංකා මලලක්‍රීඩා සංගමය නිර්දේශ කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් තරගාවලියට සහභාගි වීමට අවසර ලැබේ.

මලල ක්‍රීඩා විධායක සභාව අද (09) සූම් තාක්ෂණය ඔස්සේ පැවැති රැස්වීමකින් පසුව මෙම තීරණය ගන්නා ලදි.

 


අදහස් (0)

ජාතික මලල ක්‍රීඩා තරගාවලිය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.