Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති ක්‍රීඩා සම්මාන-2019 ප්‍රදානෝත්සවය පැවැත්වීමේදී හඳුන්වාදී තිබෙන දැඩි සෞඛ්‍ය නීතිරීති යටතේ උත්සව ශාලාවට ඇතුළුවන සම්මානලාභීන් හා ආරාධිතයන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරන එන්නත විඳගෙන තිබීම අනිවාර්ය කර තිබේ. අවම වශයෙන් එහි එක් මාත්‍රාවක් හෝ එන්නත්කර තිබීම ඒ සඳහා ප්‍රමාණවත් වන අතර සම්මාන උත්සවය පැවැත්වෙන දිනයට මාසයකට පෙර සම්මානලාභීන්ගේ පවුලේ කෙනකුට හෝ කොවිඩ් වැළඳී තිබුණු බවට තහවුරු වුවහොත් එම සම්මානලාභියා උත්සවයට සහභාගි කර නොගැනේ.
උත්සවය ආරම්භයට පෙර ආරාධිතයන් සඳහා වන සංග්‍රහ කටයුතු පවත්වා අවසන් කෙරෙන අතර ආරාධිතයන් උත්සවය පැවැත්වෙන දිනයට මාසයකට පෙර ලබාදෙන ආරාධනා පත්‍රයේ සඳහන් කොන්දේසිවලට අනුකූලව උත්සවයට සහභාගිවිය යුතුය.
ජනාධිපති සම්මාන උළෙලේ-2019 උත්සවයේ සජීවී රූපවාහිනී විකාශයක් සිදු කෙරෙන අතර උත්සවයේ මාධ්‍ය ආවරණයටද සීමා පනවා තිබේ. උත්සවයේ අවස්ථා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා සෙසු මාධ්‍ය වෙත මුදාහැරීමට එහිදී කටයුතු කෙරේ.
ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩි දුරටත් සඳන් කරන පරිදි වසර 2020 -21 සම්මාන උළෙලේ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ලෙසත් සමන් අමරසිංහ මහතා පත්කිරීමට දැනටමත් තීරණය කර තිබේ.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.