Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ සමුළුව හෙට - අනිද්දා

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ සමුළුව හෙට - අනිද්දා

editorial - 2021 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය අද සහ හෙට (13-14) ප්‍රංශයේ ‘ලියෝන්’ නගරයේ සිට මෙහෙයවන ක්‍රීඩා දූෂණ හා වැරදි වැළැක්වීමේ ජාත්‍යන්තර සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතාට හිමිව තිබේ. මෙම සමුළුව, ‘සූම්’ තාක්ෂණය ඔස්සේ  රටවල් 92ක පොලිස් ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකාවට මෙම සමුළුවට සහබාගිවීමට ලැබෙන පළමු අවස්ථාව මෙයවේ. මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’යට  අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකයට මේ සමග ජාත්‍යන්තර පොලිසිය හා සෘජු සබඳතා පවත්වා ගෙන යාමේ අවස්ථාව හිමිවන බවත් එහි වාසිය වන්නේ ශ්‍රී ලංකාව ක්‍රීඩා වැරදි හා දූෂණ සම්බන්ධයෙන් විමර්ශන කිරීමේදී සිය ඒකකයට කෙළින්ම ජාත්‍යන්තර පොලිසියේ සහය ලබාගැනීමට හැකියාව ලැබීම බවත් පැවසීය.

 


අදහස් (0)

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ සමුළුව හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.