Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා අමාත්‍යාංශය විශාල අවදානමක

ක්‍රීඩා අමාත්‍යාංශය විශාල අවදානමක

editorial - 2021 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (නාමල් පතිරගේ)

ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ නේවාසිකාගාරයේ සේවකයන් පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරැ කර ගැනීමෙන් පසුව එම නේවාසිකාගාරය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට පියවර ගෙන තිබේ. ටොරින්ටන් ක්‍රීඩා නේවාසිකාගාරයෙන් හඳුනාගත් කොවිඩ් රෝගීන් ගණන 12 කට ආසන්න වන බව ද වාර්තා වේ.

පසුගිය දින කීපයක් පුරා සිදු කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ තුළින් ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙම සේවකයන් පිරිස කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි ද වාර්තා වේ.

මේ අතර උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ක්‍රීඩා අමාත්‍යාංශය දින කීපයකට වසා දැමීමට යෝජනා ඉදිරිපත් වී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. එහිදී යෝජනා වී ඇත්තේ කොළඹ රීඩ් මාවත ඇතුළු ටොරින්ටන් පෙදෙසේ හා අවට ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ ගොඩනැගිලි සංකීර්ණ එම දින කීපය තුළ දී හුදෙකලා කර තැබිය යුතු බවයි.

පවතින තත්ත්වය හමුවේ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කර තිබූ ක්‍රීඩා උත්සව රුසක් අත්හිටුවීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ඉකුත් දා පියවර ගත්තේය. ඒ පිළිබඳව දැනුම් දීම සඳහා පසුගිය සිකුරාදා (30) ඇමැතිවරයා කැඳවූ විශේෂ මාධ්‍ය හමුව පැවැත්වූයේ ද රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ සංකීර්ණ භූමියේ ගසක් යට දීය.

කොවිඩ් උවදුර රට තුළ උද්ගත වීමෙන් පසුව පළමු රුල්ල හා දෙවැනි රුල්ල උද්ගත වූ අවස්ථා දෙකේදීම ක්‍රීඩා අමාත්‍යාංශ නේවාසිකාගාරවල රැඳී සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරැවන් පිරිසක් කොවිඩ් රෝගීන් බවට තහවුරැ කර ගත්තත් අමාත්‍යාංශයේ සේවක සේවිකාවන් අතරින් කොවිඩ් පොකුරක් හමු වූ පළමු අවස්ථාව මෙයයි.

මෙම තත්ත්වය හමුවේ අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් කීප දෙනෙකු ද ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව ද ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
 

අදහස් (0)

ක්‍රීඩා අමාත්‍යාංශය විශාල අවදානමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.