Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් නිලධාරියෙක් දූෂණ කමිටුව හමුවට

ක්‍රිකට් නිලධාරියෙක් දූෂණ කමිටුව හමුවට

editorial - 2021 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

---------------------
දමින්ද විජේසූරිය
---------------------

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේශීය තරග සංවිධාන අංශයේ කටයුතු කරන පැරණි නිලධාරියකු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීමටකට ලක්කර ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට හදිසියේම අද (29 වැනිදා) පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියාගේ ජංගම දුරකතනයද තමන් භාරයට ගැනීමෙන් පසුව ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ.

වසර 20 ක පමණ කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරන මෙම නිලධාරියාගෙන් ප්‍රශ්න කර ඇත්තේ දේශීය ක්‍රිකට් තරග කිහිපයකදී සිදුවූයේ යයි කියන තරග පාවාදීම් සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයන් පිළිබඳව වගකීමක් ඇති නිලධාරියකුගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අන්තර්ජාතික ක්‍රිකට් සභාව මේ ගැන ලිඛිතව යමක් දන්වා නැති නිසා, අදාළ තැනැත්තා සම්බන්ධයෙන් කිසිම පියවරක් ගැනීමේ හැකියාවක් නැති බවයි.

“කොහොම වුණත්, අපි එයාව ටික කාලයකට කටයුතු වලින් පැත්තකට කරලා තියනවා. ඒක කරන්නේ පූර්ව ආරක්‍ෂක ක්‍රියාමාර්ගයක් වශයෙන්... ඒත් එයාට කිසිම දෙයක් අහිමි කරන්න අපට දැන්ම පුළුවන් කමක් නෑ” යයි සිය නම සඳහන් කිරීමට අකමැතිවූ එම නිලධාරියා පැවසීය.

 


අදහස් (0)

ක්‍රිකට් නිලධාරියෙක් දූෂණ කමිටුව හමුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.