Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් ආයතනය නිලවරණයට සූදානම්

ක්‍රිකට් ආයතනය නිලවරණයට සූදානම්

editorial - 2021 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මේ මස 20 වැනිදා පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය. නිලවරණය කල්දැමීමක් සම්බන්ධයෙන් කිසිවක් තමන්ට දැනුම් දී නැති බවත්, නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත නිලවරණ කමිටුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

“විගණකාධිපති දෙපාර්තමේන්තුව වහලා නිසා සමහර විට වාර්ෂික මහ සභා රැස්වීමට අයවැය වාර්තාව ඉදිරිපත් කරන්න බැරි වේවි. ඒත් නිලවරණයට ඒකෙන් බාධාවක් නෑ... අපට නිලවරණය තියලා වෙනත් දවසක අති විශේෂ මහ සභා රැස්වීමකින් අයවැය සම්මත කරගන්න පුළුවන්” යයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
 
මේ අතර නිලවරණයට නාමයෝජනා ඉදිරිපත් කර සිටින පාර්ශ්වයක තනතුරු අපේක්‍ෂකයකු පවසා සිටියේ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාගැනීමට ඇතැම් පාර්ශ්වයන් උත්සාහ කරමින් සිටින බවයි.

විශාමික අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා මහත්මිය සහ අමාත්‍යංශ කිහිපයකම හිටපු ලේකම්වරයකු වන එම්.ආර්.බී. දිසානායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුවේ සාමාජිකයෝ ලෙසින් නම්කරනු ලැබ සිටිති.

 


අදහස් (0)

ක්‍රිකට් ආයතනය නිලවරණයට සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.