Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් උළෙලට මහින්දත් යයි

ඔලිම්පික් උළෙලට මහින්දත් යයි

editorial - 2021 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විශේෂ ප්‍රභූ අවසරයක් යටතේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ  සමාරම්භක උත්සවයට සහභාගි වන බවට දැනුම් දී ඇතැයි ඔලිම්පික් කමිටු ආරංචි මාර්ග සඳහන්  කරයි. කෙසේ වෙතත් පවතින තත්ත්වය යටතේ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා යන ශ්‍රී ලංකාවේ නිලධාරීන්ගේ සංඛ්‍යාවද ඉතා සීමාසහිත වනු ඇතැයි ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස මේ වනවිටත් ගාමිණී ජයසිංහ මහතා නිර්දේශ කර තිබේ. ඔහු සේනක රණසිංහ මහතාගේ ඉවත්වීමෙන් පසුව ජාතික ඔලිම්පික්  කමිටුවේ භාණ්ඩාගාරික ධුරයට පත්වූ නිලධාරියායි.

ඔලිම්පික් උළෙලට සමගාමීව, ටෝකියෝ නුවරදී පැවැත්වෙන අන්තර් ජාතික  ඔලිම්පික් කමිටුවේ  මහ සැසිවාරය සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහ එහි මහ ලේකම් මැක්ස්වල් ද සිල්වා යන මහත්වරු සහභාගිවීමට නියමිතය.

- 213

 

 


අදහස් (0)

ඔලිම්පික් උළෙලට මහින්දත් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.