Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්.පී.එල්. තරග ජූලි 30 දා සිට

එල්.පී.එල්. තරග ජූලි 30 දා සිට

editorial - 2021 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන එල්.පී.එල්. තරගවාලිය ලබන ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එල්.පී.එල්. තරගාවලියේ පළමුවැන්න පසුගිය වසරේදී කණ්ඩායම් 5 ක සහභාගිත්වයෙන් හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. කොරෝනා වයිරසයේ බලපෑම තිබියදීත්, ආරක්‍ෂිත ජෛව බුබුලු 5 ක් ලෙසින් ක්‍රියාත්මක වූ කණ්ඩායම් 5 ක් එම තරගාවලියට සහභාගි වූහ.

“මෙම තරගාවලිය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය අනෙකුත් සාධක පිළිබඳව උනන්දු වන අතරේදීම අපි තරගාවලිය පැවැත්විය හැකි කාලසීමාක් ගැන උනන්දු වුණා. එහිදී අපට යොදාගත හැකි හොඳම කාලසීමාව වන්නේ ජූලි 30 වැනිදා සිට අගෝස්තු 22 දක්වා කාලසීමාවයි” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරණ මණ්ඩලයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවේ.

කෙසේ වෙතත් ඒ වන විට රටේ පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමෙන් පසුව, ක්‍රීඩා අමාත්‍යංශයේත් උපදෙස් ලබාගනිමින් තරගාවලිය සංවිධානය කෙරෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.

 


අදහස් (0)

එල්.පී.එල්. තරග ජූලි 30 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.