Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවබෝධතා ගිවිසුමකට සාකච්ඡාවක් නෑ

අවබෝධතා ගිවිසුමකට සාකච්ඡාවක් නෑ

යොහාන් භාසුර - 2020 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මේ දක්වා ශ්‍රී ලංකා රග්බි සංගමය සමඟ මොනයම් හෝ කරුණක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට කිසිඳු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම් නිරෝධ විජේරාම මහතා ‘ලංකාදීප’යට පැවසීය.

ශ්‍රී ලංකා රග්බි සංගමය සහ පාසල් රග්බි සංගමය අනුග්‍රාහකයන්, පළමු කොටසේ තරග සංවිධානය ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමේ සූදානමක් පවතින බවට රග්බි ක්ෂේත්‍රයේ කථා බහට ලක්ව තිබේ. මෙම ආරංචිය පිළිබඳව ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම් නිරෝධ විජේරාම මහතාගෙන් කළ විමසුමේදී වැඩි දුරටත් මෙසේ ද පැවසීය.     
“ශ්‍රී ලංකා රග්බි සමඟ අපි නිල වශයෙන් අවබෝධතා ගිවිසුමක් සම්බන්ධයෙන් මේ දක්වා සාකච්ඡාවක් කරලා නෑ. ඇතැම් නිලධාරීන් වාචිකව අදහස් ප්‍රකාශ කරලා තියෙනවා කියලා මටත් දැනගන්න ලැබී තියෙනවා”

“පාසල් රග්බි සංගමය අධ්‍යාපන අමාත්‍යංශය යටතේ තියෙන සංගමක්. රජයේ සේවකයන් වන අපිට අවසරකින් තොරව අවබෝධතා ගිවිසුම් වගේ දේවල්වලට යන්න බෑ” යැයි විජේරාම මහතා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා රග්බි සංගමය සහ පාසල් රග්බි සංගමය පසුගිය වසර කීපය තුළදී එකට කටයුතු නොකළ අතර එම සංගම් දෙකේ නිලධාරීන් අතර ගැටුම්කාරී තත්ත්වයක් පැවැති බව ද කියවිණි.
ශ්‍රී ලංකා රග්බි සංගමය 2017 වසරේ ද පාසල් රග්බි සංගමයට මෙවැනි අවබෝධතා ගිවිසුමක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය පාසල් රග්බි සංගමය ප්‍රතික්ෂේප කිරීම විරසකය වැඩි කළේය.  

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව සභාපති රිස්වි ඉල්ලියාස් මහතා පාසල් රග්බි සංගමය සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරමින් සිටියි. 


අදහස් (0)

අවබෝධතා ගිවිසුමකට සාකච්ඡාවක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.