Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අබුඩාබි දහයයි-10 නොවැම්බරයේදී

අබුඩාබි දහයයි-10 නොවැම්බරයේදී

editorial - 2021 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අබුඩාබි දහයයි10 ලීග් තරගාවලිය නොවැම්බර් 19 සිට දෙසැම්බර් 4 දක්වා පවත්වන බව තරග සංවිධායකයෝ ප්‍රකාශ කරති. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 5 වැනි වතාවටය.

දෙසැම්බර් 2 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 50 වන ජාතික දිනය වන අතර මහජන නිවාඩු දිනයක් බැවින් තරග පැවැත්වෙන්නේ නැත.

මෙවර අබුඩාබි දහයයි10 ලීග් තරගාවලියේ සැලසුම් වෙනස් කර ඇති අතර දින 15 ක් තුළ තරගාවලිය පැවැත්වේ. මීට පෙර පැවැති තරගාවලි දින 10 කට සීමාවී ඇතත් මෙවර තරගාවලිය රූපවාහිනී ප්‍රේක්‍ෂකයන් වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කරන ලද්දකි.
 
“2017 දී කණ්ඩායම් හතරක් සමඟ ආරම්භ කළ තරගාවලිය දැන් ලෝක ක්‍රිකට් දින දර්ශනයේ වැදගත් අංගයක් බවට පත්ව ඇති අවධියකට පැමිණ තිබීම ඇත්තෙන්ම ආඩම්බරයට කරුණක්” යැයි ටෙන් ස්පෝට්ස්හි කළමණාකරන සභාපති ශජි උල් මල්ක් මහතා පැවසීය.

”ලොව ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයින් මෙම ආකෘතියෙන් දැකීම වඩාත් සතුටට කරුණක්. ඉදිරියට එන ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඔවුන් සමගින් උරෙන් උර ගැටී අත්දැකීම් ලබාගැනීමට පුලුවන්” යයි පැවසූ ශජී උල් මල්ක් මහතා.. “අවසන් වරට තරඟාවලිය පවත්වනු ලැබුවේ දැඩි කොරෝනා නියමයන්ට අනූකූලව වන අතර මේ වසරේදීත් එය ඒ ආකාරයෙන්ම සිදුවනු ඇත” යයිද පැවසීය.

2017 දී ආරම්භ කරන ලද අබුඩාබි දහයයි10 ලීග් තරගාවලිය, ජාත්‍යන්තර ක්‍රිකට් සභාව සහ එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් අනුමත කරන ලද්දකි. පළමු වටයේදී සෑම කණ්ඩායමක්ම එකිනෙකා සමගින් තරග වදින අතර පසුව පිළිමළුන් පිටුදැකීමේ පදනම මත අවසන් තරඟය පවත්වනු ඇත.

පසුගිය වසරේ පැවැති තරගාවලියට දිල්ලි බුල්ස්, නොදර්න් වොරියර්ස්, කොලැන්ඩර්ස්, ටීම් අබුඩාබී, බංග්ලා ටයිගර්ස්, ඩෙකන් ග්ලැඩියේටර්ස්, මරාතා ඇරබියන්ස්, පූනේ ඩෙවිල්ස් යන කණ්ඩායම් එක්වූහ. අවසන් තරගයේදී දිල්ලි බුල්ස් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට නොදර්න් වොරියර්ස් පිල සමත්විය.

- 2079

 


අදහස් (0)

අබුඩාබි දහයයි-10 නොවැම්බරයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.