Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙළෙඳ සේවා වොලිබෝල් තරග 22-23 ගාල්ලේදී

වෙළෙඳ සේවා වොලිබෝල් තරග 22-23 ගාල්ලේදී

editorial - 2022 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය මෙම මස 22 සහ 23 යන දෙදින ගාල්ල වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. තරගාවලියේ අවසන් වටයේ තරග නොවැම්බර් මස 19 සහ 20 යන දෙදින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඉකුත් වසර දෙකේදී (2020 සහ 2021) නොපැවැත්වුණ මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ වසර 2 කට පසුවය. මෙවර තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවන්නේ මෙම වසරේ (2022) අගෝස්තු 31 වැනිදාට පෙර වෙළෙඳ සේවා ආයතනයන්ගේ සේවා නියුක්තිකයන් බවට පත්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණි.

ප්‍රවීණ සහ ආධුනික යන කාණ්ඩ 2 යටතේ මෙම තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙත පිරිනැමෙන රුපියල් 150,000 සහ රුපියල් 100,000 ක මුදල් තෑගිද, තවත් මුදල් තෑගි 16 ක්ද ඇතුළුව රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුතු මුදල් තෑගි සහ කුසලාන 30 කට අධික සංඛ්‍යාවක් ජයග්‍රාහික ජයග්‍රාහිකාවන් අතරේ බෙදො දීමට නියමිතය.
 
තරගාවලියේ ප්‍රවීණ පිරිමි ශූරතාව වෙනුවෙන් රුපියල් 150,000 ක්ද, ප්‍රවීණ පිරිමි අනු ශූරතාව වෙනුවෙන් රුපියල් 100,000 ක්ද පිරිනැමෙන අතර ප්‍රවීණ කාන්තා ශූරතාව වෙනුවෙන් රුපියල් 100,000 ක්ද, ප්‍රවීණ කාන්තා අනු ශූරතාව වෙනුවෙන් රුපියල් 60,000 ක්ද පිරිනැමෙනු ඇත. ආධුනික පිරිමි සහ කාන්තා ශූරතා සඳහා පිරිනැමීමට නියමිතව ඇත්තේ මුලද රුපියල් 50,000 බැගිනි.

සෑම කාණ්ඩයකම අනු ශූරතා මෙන්ම තෙවැනි ස්ථාන සඳහාඳ මුදල් ත්‍යාග පිරිනැමෙන අතර දක්ෂතම ප්‍රහාරකයා, ආරක්ෂකයා, පහර වලක්වන්නා, පන්දු ඔසවන්නා සහ පන්දු පිරිනමන්නා සඳහාද කුසලාන පිරිනැමෙනු ඇත. තරගාවලියේ පිළිබඳ වැඩිදු විස්තර 0710-682682 (චන්දන) හෝ 0765-498086 (තාරා) අංක ඇමතීමෙන් හෝ mvasrilanka@gmail.com වෙත ඊ-මේල් පණිවුඩයක් යොමුකිරීමෙන් දැනගත හැකිය.

 තරගාවලියේ ප්ලැටිනම් අනුග්‍රාහකයා වශයෙන් මාස් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම කටයුතු කරන අතර බ්‍රැන්ඩික්ස්, ලංකා ටයිල්ස් සහ එක්ස්පෝ ලංකා යන සමාගම් රන් අනුග්‍රාහකයන් ලෙසත්, ශ්‍රී ලංකා ටෙලිකොම්, ඔමේගා ලයින්, ඕෂන් ලංකා, මැලිබන් බිස්කට් සහ ලින්ක් නැචුරල් ප්‍රඩට්ස් යන සමාගම් රිදී අනුග්‍රාහකයන් ලෙසත් කටයුතු කරයි.

 


අදහස් (0)

වෙළෙඳ සේවා වොලිබෝල් තරග 22-23 ගාල්ලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.