Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විදෙස් ක්‍රීඩකයන්ගේ ලියාපදිංචිය දික් කෙරේ

විදෙස් ක්‍රීඩකයන්ගේ ලියාපදිංචිය දික් කෙරේ

editorial - 2022 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන මස පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන්ගේ වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයන්ට ලියාපදිංචිය සඳහා ලබාදුන් කාළය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ක්‍රීඩකයන්ගේ සහ කණ්ඩායම් හිමිකරුවන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම දීර්ඝ කිරීම සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව පසුගිය 14 වැනිදා ඇරඹී විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය මේ මස 28 වැනිදා මධ්‍යහන 12.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයේ නිල වෙබ් අඩිවිය ඔස්සේ සිදු කිරීමට අවස්ථාව හිමිවේ. මින් පෙර විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය මේ මස 23 වැනිදා මධ්‍යහන 12.00 ට අවසන් කිරීමට නියමිතව තිබුණි.

විදේශීය ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර කාණ්ඩාය යටතේ රූබී, සෆායා, ඩයමන්ඩ් ‘ඒ’ සහ ‘බී’, ප්ලැටිනම් යන වර්ගීකරණ 5 ක් යටතේ ලියාපදිංචි වීමට අවස්ථාව එහිදී හිමිවේ.

රූබී සහ සෆායා කාණ්ඩ වර්ගීකරණය යටතේ වෙන්දේසියට ලියාපදිංචි වන ජාත්‍යන්තර ක්‍රීඩකයන් ඔවුන්ගේ අදාළ ජාතික ක්‍රිකට් සම්මේලනය හෝ මණ්ඩලය තුළ ලියාපදිංචි ක්‍රිකට් ක්‍රීඩකයන් වීම හෝ ජාත්‍යන්තර මට්ටමින් තම රට නියෝජනය කරන ගෝලීය වශයෙන් පිළිගත් ක්‍රිකට් ක්‍රීඩකයන් විය යුතුය.

මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයන්ගේ වෙන්දේසිය සඳහා ලියාපදිංචි වන අනෙකුත් ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලිට සහභාගිවී තිබීම හෝ ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ පූර්ණ හෝ ආශ්‍රිත සාමාජිකයෙකු විසින් අනුමත කරන ලද මුදල් පදනම් කරගත් විස්සයි20 ක්‍රිකට් ලීගයක ක්‍රීඩා කර තිබිම ප්‍රමාණවත් වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය විස්සයි20 තරඟාවලිය වන 3 වැනි ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ජූලි 31 සිට අගෝස්තු 21 දක්වා පැවැත්වේ. තරගාවලිය කොළඹ ආර්.ප්‍රේමදාස සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

- 2079


අදහස් (0)

විදෙස් ක්‍රීඩකයන්ගේ ලියාපදිංචිය දික් කෙරේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.