Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විද්‍යාලෝකය අවසන් පූර්ව වටයට

විද්‍යාලෝකය අවසන් පූර්ව වටයට

editorial - 2021 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ පළමු කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල විද්‍යාලෝක විදුහල අද (23 වැනිදා) සමත් විය.

කොට්ටේ ආනන්ද ශාස්ත්‍රාල ක්‍රීඩංගණ‍යේදී ඉබ්බාගමුව මැදි විදුහලට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වුවද, එහිදී වාර්තා කළ දල ලකුණු වේගය අනුව විද්‍යාලෝක විදුහල තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 269 ක ඉලක්කයක් හඹාගිය ඉබ්බාගමුව මැදි විදුහල් කණ්ඩායම ඕවර 11.2 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 22 ක්  ලබා සිටියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් විද්‍යලෝක විදුහල ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 269 ක් ලබා ගත්තේය. එහිදී කාවින්ද බස්නායක ලකුණු 59 ක්ද, සෙනිත් ප්‍රවීන් ලකුණු 44 ක්ද, යසිත් දේෂාන් ලකුණු 40 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පෙර අර්ධ අවසන් පූර්ව ව‍ටයේදී මීගමුව ලොයෙලා විදුහල පරාජය කරමින් ඉබ්බාගමුව මැදි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. ගාල්ල විද්‍යාලෝක විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී බදුල්ල මැදි විදුහල පරාජය කරමිනි.

 

ගාල්ල විද්‍යාලෝක විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 268
(කාවින්ද බස්නායක 59, සෙනිත් ප්‍රවීන් 44, යෙසිත් දේෂාන් 40, මනුජ වි‍ජේරත්න 51/4, මලිත් නෙත්සිරි 60/2, නිසල් නෙත්සිරි 62/2)

කන්නංගර මැදි විදුහල - ‍ඕවර 11.2 කදී කිසිවකු නොදැවී 22

 


අදහස් (0)

විද්‍යාලෝකය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.