Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වූෂූ සන්දා තරග 25 සිට රත්නපූරේ දී

වූෂූ සන්දා තරග 25 සිට රත්නපූරේ දී

editorial - 2021 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

17 වැනි ජාතික වූෂු ශුරතාවයේ සන්දා අංශයේ බර පන්තීන් 7 ක් සඳහා ද්වන්ධ සටන මේ මස 25, 26 සහ 27 දිනවලදී රත්නපුර නවනගරයේ පිහිටි ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය සියලූ කටයුතු සුදානම් කර ඇත.

2022 වර්ෂයේ චීනයේ ගුවැන්ෂු නුවරදී පැවැත්වෙන ආසියානු ක‍්‍රීඩා උලෙලේ සන්දා අංශයේ බර පන්තීන් වන කාන්තා කි.ග‍්‍රෑ. 52 සහ 60 ත් පිරිමි අංශයේ කි.ග‍්‍රෑ. 52, 60, 65, 70 සහ 75 යන බර පන්තීන් සදහා මෙම තරග පැවැත්වේ.

මේ සදහා සහභාගීවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සියලූ දෙනාම තමන් යහපත් සෙඛ්‍ය තත්වයකින් පසුවෙන බවට පිළිගත් බටහිර වෛද්‍යවරයකුගෙන් නොවැම්බර් 10 වැනිදාට පසුව ලබාගත් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය. එසේම ලියාපදිංචිය සහ බරකිරීම පැවැත්වෙන නොවැම්බර් 25 දින උදෑසන ඇන්ටිජන් පරීක්ෂණයකට භාජනය විය යුතුය. ඒ සදහා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ පහසුකම් තරගය පැවැත්වෙන ක‍්‍රීඩාංගනයේ සුදනම් කර තිබේ.

මෙම තරගාවලියේ ජයග‍්‍රාහකයින් උසස් දක්ෂතා සඳහා, විදේශීය පුහුණුකරුවකු යටතේ, විශේෂ පුහුණු පාඨමාලාවකට යොමු කෙරෙන අතර ඔවුන් පූර්ණකාලීනව පුහුණුව සදහා කැපවිය යුතු බව ශී‍්‍ර ලංකා වූෂූ සම්මේලනය කියයි. ආසියානු තරගාවලියට ප‍්‍රථම ඉරානයේ සහ චීනයේ දී විශේෂ පුහුණු තරග දෙකකට ඔවුන්ව යොමුකිරිම සදහා අවශ්‍ය මුල්‍ය ප‍්‍රතිපාදන ක‍්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබාදීමට ද කටයුතු  යොදා තිබේ.

මෙම තරගාවලිය සදහා අවශ්‍ය විස්තර වූෂු සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් විජිත් එදිරිසිංහ (දුරකථන 0707-500035) සහ සන්දා අංශය බාර උප සභාපති නිශාන්ත පතිරාජ (දුරකථන 0717-532576) යන මහත්වරුන් ඇමතීමෙන් ලබාගත හැක.

- 8535

 


අදහස් (0)

වූෂූ සන්දා තරග 25 සිට රත්නපූරේ දී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.