Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වේගවත්ම පන්දුව නෝයේගෙන්

වේගවත්ම පන්දුව නෝයේගෙන්

editorial - 2020 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිල්ලි කැපිටල්ස් පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ඇන්රික් නෝයේ විසින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ පන්දු යවන්නකු යවන ලද වේගවත්ම පන්දුව යවමින් සුවිශේෂී වාර්තාවක් තබා ඇත. අයි.පී.එල්. ඉතිහාසයේ වේගවත්ම පන්දු 3 මේ වනවිට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නාගේ නමින් සටහන්ව පවතී.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ බදාදා (14 වැනිදා) පැවැති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් පිලට එරෙහිව ලකුණු 13 ක ජයක් ලබා ගැනීමට දිල්ලි කැපිටල් පිල සමත්වූ අතර එහිදී ඇන්රික් නෝයේ විසින් පැයට කිලෝමීටර් 156.2 ක වේගවත් පන්දුවක් යොමුකර ඇත. ඒ අනුව සිය රටේම පන්දු යවන්නකුවූ ඩේල් ස්ටේන් විසින් මින් පෙර යවා තිබු පැයට කිලෝමීටර් 154.4 ක වාර්තාව බිඳ වැටුණි.

නෝයේ පැයට සැතපුම් 97 ක වේගයෙන් පන්දු යවන විට, ජොස් බට්ලර් ඔහුට හොඳින් මුහුණ දුන්නේය. ඉන් නොසැලුණු නෝයේ ඊළඟ පන්දුව පැයට කිලෝමීටර් 155.1 ක (අයි.පී.එල් ඉතිහාසයේ දෙවැනි වේගවත්ම පන්දුව) වේගයකින් යවමින් බට්ලර්ගේ කඩුල්ල දවාගත් අතර දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නා අවසන් ජයග්‍රාහකයා විය. මෙවර තරගාවලිය ආරම්භ වීමට පෙර තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් වෙනුවට ආදේශකයෙක් ලෙස දිල්ලි කැපිටල්ස් පිල විසින් නෝයේ තෝරාගත් අතර අයි.පී.එල් තරග ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වේගවත්ම පන්දු ලැයිස්තුවේ සිටි ස්ටේන් පුවරුවේ පහතට ඇද දැමීය.
අහම්බෙන්, 2019 තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ සාමාජිකයෙක්වූ නමුත් උරහිසේ ආබාධයක් හේතුවෙන් ඔහුට පසෙකට වී සිටීමට නෝයේට සිදුවිය. එබැවින් මෙය ඔහුගේ මංගල අයි.පී.එල්. තරගාවලිය බවට පත්වේ.

සිය ඕවර 4 ලකුණු 33 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත් නෝයේ, රොබින් උතප්පා (32) සහ ජොස් බට්ලර් (22 ) යන ප්‍රධාන කඩුලු ලබා ගත්තේය. රබාඩා සමගින් එක්ව දැඩි ලෙස දිල්ලි පිලට පහරදුන් රාජස්ථාන් පිල සමඟ ගැටී අවසානයේදී ඔවුන් ලකුණු 148 කට සීමා කළේය.

මෙවර අයි.පී.එල් තරගාවලියේදී වේගවත්ම පන්දු යැවීමේ ආධිපත්‍යය නොයේ සහ ආචර් විසින් පතුරවමින් සිටිති. වේගවත්ම පන්දු පහ (පැ.කි.මී. 156.22, පැ.කි.මී. 155.21, පැ.කි.මී. 154.74, පැ.කි.මී. 154.21, පැ.කි.මී. 153.72) නොයේ හිමිකම් කියනු ලබන අතර ඉන් පසු වේගවත්ම පන්දු තුනට (පැ.කි.මී. 153.62, පැ.කි.මී. 153.36, පැ.කි.මී. 153.23) ජොෆ්රා ආචර් හිමිකම් කියයි.


 

- 2079

 


අදහස් (0)

වේගවත්ම පන්දුව නෝයේගෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.