Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සීමිත ඕවර තරගාවලිය 27 දා සිට

සීමිත ඕවර තරගාවලිය 27 දා සිට

editorial - 2022 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලිය මේ මස 27 වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇත. මින් පෙර තරගාවලිය මේ මස 15 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබුණද වර්ෂාව හේතුවෙන් අතහැර දැමූ විස්සයි20 තරගාවලියේ තරග නැවත පැවැත්වීම හේතුවෙන් එක්දින තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය.

කණ්ඩායම් 26 ක සහභාගිත්වයෙන්, කාණ්ඩ 2 ක් යටතේ එක්දින තරගාවලිය පැවැත්වේ.
‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ දෙකකට වෙන් කෙරෙන අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 13 බැගින් ඇතුළත් වේ.  ඒ අනුව එක් කණ්ඩායමට ප්‍රතිවාදීන් හමුවේ තරග 12 බැගින් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවේ.

සීමිත ඕවර තරගාවලියේදී ඒ ඒ කණ්ඩායම්හී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 2 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත. අවසන් පූර්ව තරග ජූලි 25 වැනිදාත්, අවසන් මහ තරගය ජූලි 28 වැනිදාත් පැවැත්වේ. අවසන් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.

කළින් සැලසුම් කළ පරිදි එක්දින තරගාවලියට සමගාමීව පූලී 1 වැනිදා සිට පළමු පෙළ තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව තිබුණි. නමුත් එක්දින තරගාවලිය අවසන් කර පළමු පෙළ තරගාවලිය පසුව පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. එක්දින තරගාවලිය අවසන් වීමත් සමගින් ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ කිරීමට නියමිතය. එය අවසන් වීමෙන් පසුව පළමු පෙළ තරගාවලිය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.


එක්දින තරගාවලියේ කාණ්ඩ 2 සඳහා ක්‍රීඩා සමාජ බෙදී ඇති ආකාරය

‘ඒ’ කාණ්ඩය
ද්‍රවිඩ සංගමය, එන්.සී.සී, මූවර්ස්, පොලිස්, ලන්කන්, කෝල්ට්ස්, සෙබස්තිනයිට්ස්, එස්.එස්.සී, බ්ලූම්ෆීල්ඩ්, ඒස් කැපිටල්, සැරසන්ස්, බදුරලිය, කළුතර නාගරික

‘බී’ කාණ්ඩය
රාගම, යුදහමුදාව, හලාවත මේරියන්ස්, සී.සී.සී, මිගමුව, කුරුණෑගල යොවුන්, බී.ආර්.සී, පානදුර, කැන්ඩි කස්ටම්ස්, ගුවන් හමුදාව, නුගේගොඩ, නාවික හමුදාව, ගාල්ල

 


අදහස් (0)

සීමිත ඕවර තරගාවලිය 27 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.