Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉවත දැමූ ජංගම දුරකතන 100 කින් රන් පදක්කමක්

ඉවත දැමූ ජංගම දුරකතන 100 කින් රන් පදක්කමක්

editorial - 2021 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සංජීව ධර්මසේන)

ටෝකියෝ ඔලිම්පික් උළෙල අංශ කිහිපයකින් සුවිශේෂී වෙයි. විශේෂයෙන් කෝවිඩ්-19 ව්‍යසනය මධ්‍යයේ පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙලට හඳුන්වාදී තිබෙන සෞඛ්‍ය නීති ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන්ටද අලුත් අත්දැකීමක් වනු නිසැකය.

කෙසේ නමුත් මෙවර ඔලිම්පික් උළෙල තවත් අංශ ගණනාවකින් වැදගත් වෙයි. එහි එක් විශේෂත්වයක් වන්නේ, උළෙලේ බොහෝ ඉදිකිරීම් හා නිර්මාණ කටයුතු සඳහා යොදාගෙන ඇති අමුද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කළහැකි ද්‍රව්‍ය වීමයි.

ඒ අනුව ජයග්‍රාහකයන්ට පදක්කම් පැළඳවීමට යොදාගන්නා වේදිකාව (podiums) නිර්මාණය කර ඇත්තේ ප්‍රතිචක්‍රීකරණය කළහැකි ප්ලාස්ටික් වලිනි. ඔලිම්පික් පහන නිර්මාණය කර ඇත්තේද ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඇළුමිනියම් වලිනි. මෙය ඔලිම්පික් උළෙල අවසන් වීමෙන් පසු පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ කටයුතු සඳහාද යොදාගැනීමට සැලසුම්කර ඇත.

ඔලිම්පික් උළෙලේදී ප්‍රතිචක්‍රීකරණය ගැන විශේෂ අවධානයක් යොමු කර තිබෙන ජපානය, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදෙන පදක්කම් නිර්මාණය කර ඇත්තේද භාවිතයෙන් ඉවත්කළ ජංගම දුරකථනවල අඩංගු ලෝහ වලිනි. එක් රන් පදක්කමක් නිර්මාණය කිරීම සඳහා ඉවත දැමූ ජංගම දුරකථන 100 ක ලෝහ යොදාගෙන ඇත. එලෙස ජංගම දුරකථන මිලියන 06 ක් පදක්කම් නිර්මාණය කිරීමේ කටයුතු සඳහා භාවිතා කර ඇත.

මේ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් හා නිළධාරින් නවාතැන් ගන්නා සාම්ප්‍රදායික ඔලිම්පික් ගම්මානයේ කාමරවල ඇඳන් හා ඒ ආශ්‍රිත බොහෝ දේ නිර්මාණය කර ඇත්තේද ශක්තිමත් කාඩ්බෝඩ් යොදාගනිමිනි. දැව හෝ ප්ලයිවුඩ් භාවිතා කිරීමෙන් පරිසරයට සිදුවන විනාශයට පිළියමක් ලෙස එසේ කර ඇත.

ඒ අනුව ඔලිම්පික් ගම්මානයේත් ඉන් පිටතදීන් දකින බොහෝ නිර්මාණ ප්‍රතිචක්‍රීකරණය කළ හා කළහැකි ද්‍රව්‍යයන් වෙයි.

කෙසේ නමුත් වෙනදා නොතිබූ නීති රාමුවක්ද මෙවර ඔලිම්පික් උළෙලට එක්කර ඇත. අතීත ඔලිම්පික් උළෙල මෙන් ක්‍රීඩා උළෙල අවසන්වන තෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ගම්මානයේ රැඳී සිටීමට මෙවර අවස්ථාවක් නැත. ඔලිම්පික් ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ නිලධාරීන් 18,000කට පමණ රැඳී සිටීමට හැකිවන ලෙස ගම්මානය ඉදිකර ඇති වුවත්, ගම්මානයේ රැඳී සිටීමට හැකිවන්නේ කෙටි කාලසීමාවකටය

තරගකරුවන්ට ගම්මානයට පැමිණිය හැක්කේ ඔවුන්ගේ ඉසව්වට දින පහකට පෙර වන අතර, පරාජය වුවහොත් හෝ ඉසව්ව අවසන් වුවහොත් පැය 48 ක් ඇතුළත ඉන් පිටවිය යුතුය.

ජයග්‍රාහී පුවරුව...

 

ඇඳන් ...


අදහස් (0)

ඉවත දැමූ ජංගම දුරකතන 100 කින් රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.