Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අකිලගේ දස්කම් ජෝන් කීල්ස් පිලට ජය ගෙනෙයි

අකිලගේ දස්කම් ජෝන් කීල්ස් පිලට ජය ගෙනෙයි

editorial - 2022 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අකිල ධනංජයගේ (42, 33/3) තුන් ඉරියව් දස්කම් හේතුවෙන් හැටන් නැෂනල් බැංකු පිලට එරෙහිව අද (8 වැනිදා) පැවැති වෙළඳසේවා සුපර් ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරගයකදී ලකුණු 32 ක ජයක් හිමිකර ගැනීමට ජෝන් කීල්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹාගිය හැටන් නැෂනල් බැංකු පිලට ඕවර 45.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 173 ක් පමණි.

ඩිල්ෂාන් මුණවීර සහ චාමර සිල්වා අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද හැටන් නැෂනල් බැංකු පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔව්හු අපොහොසත් වූහ.

ඩිල්ෂාන් මුණවීර පන්දු 84 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 80 ක් ලබාගත් අතර චාමර සිල්වා පන්දු 87 කදි හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 53 ක් ලබාගත්තේය.

අකිල ධනංජය කඩුලු 3 ක් ද, දුවිඳු තිලකරත්න සහ අෂාන් ප්‍රියංජන් කඩුලු 2 බැගින්ද දවාගනිමින් හැටන් නැෂනල් බැංකු පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනාගත් හැටන් නැෂනල් බැංකු පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ජෝන් කීල්ස් පිලට ඕවර 46.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 205 ක් පමණි.

අෂාන් ප්‍රියංජන් ලකුණු 48 ක්, අකිල ධනංජය ලකුණු 42 ක් සහ නවෝද් පරණවිතාන ලකුණු 38 ක් ලබාගනිමින් ජෝන් කීල්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

ඩෙලන් පිරීස් කඩුලු 4 ක් ද, මාධව වර්ණපුර සහ ගයාන් සිරිසෝම කඩුලු 2 බැගින් දවාගනිමින් ජෝන් කීල්ස් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.


ජෝන් කීල්ස් - ඕවර 46.5 කදී සියලුදෙනා දැවී 205
(නවෝද් පරණවිතාන 38, සධීර සමරවික්‍රම 21, අෂාන් ප්‍රියංජන් 48, අකිල ධනංජය 42, ඩෙලන් පිරීස් 28/4, මාධව වර්ණපුර 21/2, ගයාන් සිරිසෝම 37/2)

හැටන් නැෂනල් බැංකුව - ඕවර 45.4 කදී සියලුදෙනා දැවී 173
(ඩිල්ෂාන් මුණවීර 80, චාමර සිල්වා 53, අකිල ධනංජය 33/3, දුවිඳු තිලකරත්න 31/2, අෂාන් ප්‍රියංජන් 34/2)

 


අදහස් (0)

අකිලගේ දස්කම් ජෝන් කීල්ස් පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.