Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අධිකරණයේ 4 දෙනෙක් විනය කමිටුවට පත්කරති

අධිකරණයේ 4 දෙනෙක් විනය කමිටුවට පත්කරති

editorial - 2021 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියක් සඳහා එංගලන්තයේ සංචාරයක නිරතවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධණුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ජෛව ආරක්‍ෂිත බුබුලේ නියමයන් උල්ලංඝණය කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව පැවැත්වීමට නියමිත විනය පරීක්‍ෂණය සඳහා නම්කළ පංච පුද්ගල කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරනු ලැබීය.

ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, නිතීඥ පණ්ඩුක කීර්තිනන්ද, නිතීඥ අසේල රැකව, නිතීඥ උචිත වික්‍රමසිංහ සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරුන් එහි සාමාජිකයන් ලෙස පත්කර තිබේ. 

මෙම ක්‍රීඩකයන් තිදෙනා පසුගිය 29 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි අතර මේ වනවිට ඔවුන් මීගමුවේ පිහිටි හෝටලයකදී දින 14 ක නිරෝධායනයකට ලක්කර ඇත. එම නිරෝධායන කාලසීමාව අවසන්වූ පසු ඔවුන්ව විනය පරීක්‍ෂණය සඳහා යොමු කරනු ඇත.

විනය පරීක්‍ෂණය අවසන් වන තෙක් ඔවුන්ට තාවකාලීක තරග තහනමක් පනවා ඇති බැවින් මේ වනවිට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව වන ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරගාවලියද ඔවුන්ට අහිමිව යනු ඇත.

- 2079


අදහස් (1)

අධිකරණයේ 4 දෙනෙක් විනය කමිටුවට පත්කරති
  • බිනර Thursday, 08 July 2021 06:44 AM

    මේ නීතිඥ මහත්වරුන් එකම දිශානතියකට ගමන් ගන්නා උදවිය. ඉතා සුළු දඬුවමක පෙර නිමිති...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.