Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අදත් තරග 4 ක් අතහැර දමයි

අදත් තරග 4 ක් අතහැර දමයි

editorial - 2021 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ සීමිත ඕවර තරගාවලිය යටතේ අද (31 වැනිදා) පැවැති තරග වලදී ජයග්‍රහණ වාර්තා කිරීමට මූවර්ස්, ගුවන් හමුදාව, යුද හමුදාව, බදුරලිය, ද්‍රවිඩ සංගමය සහ නාවික හමුදාව යන කණ්ඩායම් සමත්වූහ. 

රාගම සහ සෙබස්තිනයිට්, ඒස් කැපිටල් සහ පොලිස්, කුරුණෑල යොවුන් සහ සී.සී.සී, බ්ලූම්ෆීල්ඞ් සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර තරග අද පැවැත්වීමට නියමිතව තිබුනද පෙරදින පැවැති වර්ෂාව හේතුවෙන් තරග පැවැත්වීමට සුදුසු මට්මක ක්‍රීඩාංගණ නොතිබීම හේතුවෙන් එම තරග 4 අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

කැන්ඩි කස්ටම්ස් පිලේ හසිත නිර්මාල්, මූවර්ස් පිලේ පබසර වඩුගේ, ගාල්ල පිලේ චානක රුවන්සිරි, ද්‍රවිඩ සංගම් පිලේ නවෝද් පරණවිතාන සහ මීගමුව පිලේ ඇන්ජලෝ ජයසිංහ අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

ගුවන් හමුදා පිලට ලකුණු 39 ක ජයක්
ගුවන් හමුදාව සහ කළුතර නාගරික කණ්ඩායම් අතර කටුනායකදී
 

ගුවන් හමුදාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 167
(දිල්හාන් කුරේ 36, ලසඳ රුක්මාල් නොදැවී 24, දුලාංජන මෙන්ඩිස් 28, මහේෂ් ප්‍රියදර්ශන 25/3, සෙනාල් ද සිල්වා 30/3)

කළුතර නාගරික - ඕවර 34.2 කදී කඩුලු 7 ක් දැවී 95
(මහේෂ් ප්‍රියදර්ශන 22, දිනෙත් මුණසිංහ නොදැවී 30, දුලාංජන මෙන්ඩිස් 24/3, ගයාන් සිරිසෝම 17/2)

මූවර්ස් පිලට කඩුලු 7 ක ජයක්
කැන්ඩි කස්ටම්ස් සහ මූවර්ස් කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී

කැන්ඩි කස්ටම්ස් - ඕවර 39.1 කදී සියලුදෙනා දැවී 139
(මින්හාජ් ජලීල් 40, හසිත නිර්මාල් 53, අයන සිරිවර්ධන 20/3, දුෂාන් විමුක්ති 25/3, චානුක දිල්ශාන් 35/2)

මූවර්ස් - ඕවර 30.1 කදී කඩුලු 3 ක් දැවී 140
(පබසර වඩුගේ 71, දුෂාන් විමුක්ති නොදැවී 44)


යුද හමුදා පිලට කඩුලු 5 ක ජයක්
යුද හමුදාව සහ බී.ආර්.සී කණ්ඩායම් අතර දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී

බී.ආර්.සී - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 153
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 20, ශෂීන් ප්‍රනාන්දු 35, හිතේෂ් සෝලංකි 26, තිලාන් තුෂාර 20, අසේල ගුණරත්න 28/4, ගයාන් බණ්ඩාර 33/2)

යුද හමුදාව - ඕවර 27.3 කදී කඩුලු 5 ක් දැවී 156
(හිමාෂ ලියනගේ 44, අසේල ගුණරත්න 42, මලිඳු ශෙහාන් 30/2)

බදුරලිය පිලට ලකුණු 14 ක ජයක්
බදුරලිය සහ ගාල්ල කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

බදුරලිය - ඕවර 48 කදී සියලුදෙනා දැවී 213
(සඳුන් වීරක්කොඩි 35, අර්ජුන් ශෙට්ටි 32, අලංකාර අසංක 38, ජීවන් මෙන්ඩිස් 38, චලන ද සිල්වා 29/3, චානක රුවන්සිරි 46/3, ලසිත් ලක්ෂාන් 41/2)

ගාල්ල - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී 199
(යශෝධ ලංකා 44, චානක රුවන්සිරි 75, දුලාෂ් උදයංග 25, ජීවන් මෙන්ඩිස් 45/4, අලංකාර අසංක 29/2)

ද්‍රවිඩ සංගමයට ලකුණු 45 ක ජයක්
ද්‍රවිඩ සංගමය සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

ද්‍රවිඩ සංගමය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 251
(නවෝද් පරණවිතාන 79, රන්මිත් ජයසේන 28, යොහාන් මෙන්ඩිස් 28, රවිඳු ප්‍රනාන්දු 38, අවිඳු තීක්‍ෂණ 45/3)

හලාවත මේරියන්ස් - ඕවර 36.2 කදී කඩුලු 6 ක් දැවී 140
(විශ්ව චතුරංග 46, කසුන් විදුර 27, ප්‍රමෝද් මදුශාන් 17/2, ඉසුරු උදාන 29/2)

නාවික හමුදාවට ලකුණු 2 ක ජයක්
නාවික හමුදාව සහ මීගමුව කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී

නාවික හමුදාව - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී 200
(ඩබ්ලිව්. මයන්ත 44, බුද්දික මදුශාන් 45, තුශාර සමරකෝන් 37, පසිඳු උස්හෙට්ටිගේ 41/3, උපුල් ඉන්ද්‍රසිරි 28/2)

මීගමුව - ඕවර 48 කදී කඩුලු 7 ක් දැවී 185
(ඇන්ජලෝ ජයසිංහ 72, රොස්කෝ තටිල් 20, ඩිලංක අවඞ් 26/3, පසිඳු මදුශාන් 19/2, බුද්දික මදුශාන් 44/2)


අදහස් (0)

අදත් තරග 4 ක් අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.