Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕස්ට්‍රේලියානු ගෝන් ප්‍රී තරග අවලංගු කරයි

ඕස්ට්‍රේලියානු ගෝන් ප්‍රී තරග අවලංගු කරයි

editorial - 2021 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෆෝමියුලා-I ලෝක ශූරතාවලියට අයත් ඕස්ට්‍රේලියානු ගෝන් ප්‍රී තරගය සහ මොටෝ ජීපී ලෝක ශූරතාවලියේ ඕස්ට්‍රේලියානු අදියර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පිට පිටම දෙවැනි වසරටත් අවලංගු කර දැමීමට සංවිධායකයන්ට සිදුව තිබේ.

මොටෝ ජීපී ලෝක ශූරතාවලියේ ඕස්ට්‍රේලියානු අදියර ‍ඔක්තෝබර් මස 24 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර ෆෝමියුලා-I ලෝක ශූරතාවලියට අයත් ඕස්ට්‍රේලියානු ගෝන් ප්‍රී තරගය නොවැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණ.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඕස්ට්‍රේලියාව තුළ පනවා ඇති දැඩි සංචරණ සීමා හේතුවෙන් මෙම තරග දෙක අවලංගු කර දැමීමට සිදුව තිබේ. ඕස්ට්‍රේලියානු ‍ගෝන් ප්‍රී තරගය අවලංගු කිරීමට සිදුවීම සම්බන්ධයෙන් තමා මහත් කලකිරීමට පත්ව සිටින බව එහි සංවිධාන කමිටු සභාපති පෝල් ලිට්ල් මහතා පැවසීය.

“ජාත්‍යන්තර සංචාරණ සීමාවන් පැනවීම සහ කොරෝනා ප්‍රති එන්නත් කරණය සමග මේ වන විට ඕස්ට්‍රේලියාව මුහුණ දී සිටින අභියෝගය පිළිබඳව අපිට වැටහෙනවා. එම අභියෝගයට මුහුණදීම සඳහා හැකි සෑම අයුරින්ම සහාය දැක්වීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයි ලිට්ල් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඉකුත් වසරේදීද (2020) කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ පැවැත්වීමට නොහැකි වූ ඕස්ට්‍රේලියානු ගෝන් ප්‍රී තරගය, මෙම වසරේදී මාර්තු මස 14 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබිණ. එහෙත් වසංගතයේ බලපෑම දිගින් දිගටම උග්‍ර වීම නිසා එය නොවැම්බර් මස 21 වැනිදා දක්වා කල්දැමීමට සංවිධායකයන්ට සිදුවූහ.

ඕස්ට්‍රේලියානු ගෝන් ප්‍රී තරගයට සති දෙකකට පෙර එනම් නොවැම්බර් මස 7 වැනිදා බ්‍රසීල ගෝන් ප්‍රී තරගය පැවැත්වීමට නියමිතය. එහෙත් ඕස්ට්‍රේලියානු දේශසීමා නීති රීතිවලට අනුව රට තුළට ඇතුළුවන අමුත්තන්ට දින 14 ක් නිරෝධායනය වීම අනිවාර්ය වේ.

එබැවින් ඕස්ට්‍රේලියානු ගෝන් ප්‍රී තරගය පැවැත්වුණද, බ්‍රසීල ගෝන් ප්‍රී තරගය නිමා වීමෙන් අනතුරුව තරගාවලිය රටවල් දෙක අතර ගමන් කිරීමේදී, සහ ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමේදී තරගකරුවන් මහත් අපහසු තාවකට පත්වනු ඇත. තරගය අවලංගු කිරීමට සංවිධායකයන් පියවර ගෙන ඇත්තේ මෙම කරුණු කාරණා සියල්ල සැලකිල්ලට ගනිමිනි.

-036


අදහස් (0)

ඕස්ට්‍රේලියානු ගෝන් ප්‍රී තරග අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.