Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආජන්ටිනාව සහභාගීත්වය තහවුරු කරයි

ආජන්ටිනාව සහභාගීත්වය තහවුරු කරයි

editorial - 2021 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වසංගත තත්ත්වය නොසලකා හරිමින්, තම අසල්වැසි රටක් වන බ්‍ර‍සීලයේදී පැවැත්වෙන දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියට සහභාගි වන බව ආජන්ටිනාව ඉකුත්දා තහවුරු ‍කළේය. 14 වරක් දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා සිටින ආජන්ටිනාව වැඩිම වාර ගණනක් ඊට හිමිකම් කී රටවල් අතර උරු‍ගුවේට (15) පමණක් පසුපසින් සිටියි.

ආජන්ටිනාව සහ කොලොම්බියාව මෙවර දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ සම සත්කාරකත්වය දැරූ නමුත් කොලොම්බියාවේ ජනාධිපතිවරයාට එරෙහිව එරට තුළ පවතින විරෝධතා හේතුවෙන් ‍ කොලොම්බියාව සත්කාරකත්වයෙන් ඉවත් කිරීමට දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය කටයුතු කළේය.

තම රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් තරගාවලියේ සෙසු සත්කාරක රට වූ ආජන්ටිනාවද මැයි මස 30 වැනිදා එහි සත්කාරකත්වයෙන් ඉවත් විය. ඒ අනුව මෙවර තරගාවලියේ සත්කාරකත්වය දැරීමේ අවස්ථාව අවසන් වරට (2019 වසරේදී) එහි ශූරයන් බවට පත් වූ බ්‍රසීලයට ලබා දීමට දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය පියවර ගත්තේය.

මිලියන 212 ක බ්‍රසීල ජනගහණයෙන් මිලියන 17 කට පමණ කොවිඩ්-19 වයිරසය ආසාදනය වී, 470,000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබීම නිසා ආජන්ටිනාව මෙවර තරගාවලියට සහභාගි නොවන බවට විවිධ කට කතා පැතිර යමින් තිබිණ. එම කට කතා ප්‍රතික්ෂේප කළ දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය, නිවේදනයක් නිකුත් කරමින් ආර්ජන්ටිනාවේ සහභාගීත්වය තහවුරු කළේය.

මිලියන 45 ක ජනගහණයක් සිටින ආර්ජන්ටිනාවෙන්ද කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 4 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 80,000 ක් පමණ වාර්තා වී ඇත. කෙසේ වුවත් තරගාවලියට සහභාගි වන සියලුම කණ්ඩායම් ජෛව ආරක්ෂක බුබුලු තුළ රඳවා තබන බවත්, ඔවුන් දැඩි‍ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට යටත් කරන බවද දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය පවසයි.

මෙවර දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලිය රටවල් 10 ක සහභාගීත්වයෙන් මේ මස 13 වැනිදා සිට ජූලි මස 11 වැනිදා දක්වා බ්‍රසීලයේ ක්‍රීඩාංගණ 4 කදී පැවැත්වීමට නියමිතය. ‘බී’ කාණ්ඩය‍ යටතේ තරගාවලියට එක්ව සිටින ආජන්ටිනාව මේ මස 15 වැනිදා චිලී රාජ්‍යයට එරෙහිව සිය පළමු තරගයට සහභාගි වීමට නියමිතය.

බොලීවියාව, පැරගුවේ සහ උරුගුවේ ‘බී’ කාණ්ඩය යටතේ තරග වදින සෙසු රටවල් වෙති.

 

-036

 


අදහස් (0)

ආජන්ටිනාව සහභාගීත්වය තහවුරු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.