Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් දින සැමරුම හෙට

ඔලිම්පික් දින සැමරුම හෙට

editorial - 2022 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හෙට (23) දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර ඔලිම්පික් දිනය නිමිත්තෙන් ජාතික ඔලිම්පික් කමිටුව සංවිධානය කරන විශේෂ සැමරුම් උත්සවයක් ටොරින්ටන් පෙදෙසේ එම කමිටු ශ්‍රවණාගාරයේ දී අද පස්වරු 3 ට පැවැත්වේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමරු උත්සවය පැවැත්වේ.

රටේ උද්ගතව පවතින වත්මන් තත්ත්වය හමුවේ මෙවර ඔලිම්පික් දින සැමරුම් උත්සවය ආරාධිත අමුත්තන් සීමා කරමින් හා උත්සව විශේෂාංගවලින් තොරව වඩාත් චාමෙට පැවැත්වෙන බව ජාතික ඔලිම්පික් කමිටුව පවසයි. සෑම වසරකම ජුනි 23 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර ඔලිම්පික් දිනය ඉලක්ක කරමින් දේශීය සැමරුම් වැඩසටහනක් සංවිධානය කිරීමට මෙරට ඔලිම්පික් කමිටුව උනන්දුවී සිටියත් කොවිඩ් වසන්ගතය උද්ගතවීමෙන් පසුව වසර 2020 හා 2021 යන වසරවලදිත් එම සැමරුම් වැඩසටහන් අත්හැර දැමීමට සිදුවිය. එම සැමරුම් උත්සවයේ ප්‍රධාන විශේෂාංගයක් වූයේ පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන ඔලිම්පික් ධාවනයයි.

සාමකාමී ලෝකයක් සඳහා එක්වෙමු මෙවර ජාත්‍යන්තර ඔලිම්පික් දිනයේ තේමාව වී තිබේ. පුරාණ ඔලිම්පික් උළෙලේ ආරම්භය ලෙස සැළසෙකන 1894 ජුනි 23 වැනිදා සිහි ගන්වමින් නූතන ජාත්‍යන්තර ඔලිම්පික් දිනය පළමු වරට සමරා ඇත්තේ 1948 ජුනි 23 වැනිදාය. මේ නිමිත්තෙන් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ මෙහෙයවීමෙන් ලොව පුරා සැමරුම් උත්සව සංවිධානය කර තිබේ.

- 223


අදහස් (0)

ඔලිම්පික් දින සැමරුම හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.