Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ මුල් පුටුව යළිත් අෂ්හර් හමීම්ට

ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ මුල් පුටුව යළිත් අෂ්හර් හමීම්ට

editorial - 2022 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කොළඹ රාජකීය විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැති ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ මහ සභා රැස්වීමේදී ඉදිරි වසර 2 ක කාල සීමාව (2022-2024) සඳහා සංගමයේ සභාපතිවරයා ලෙස සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරයකු වන අෂ්හර් හමීම් මහතා යළිත් වරක් නිතරගයෙන් පත්විය. 2020 වසරේදී පළමු වරට මෙම සංගමයේ සභාපතිවරයා ලෙස පත්වූ හමීම් මහතා මෙවර එම තනතුර සඳහා පත්වූයේ පිට පිටම දෙවැනි වරටය.

මාතර රාහුල විදුහලේ සහ කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයකු වන හමීම් මහතා, ‘රුහුණු රැළිය’ මෝටර් රථ තරගාවලිය පිට පිටම තෙවරක් ජයගත් රියැදුරෙකි. ශ්‍රී ලංකාව පුරා පැවැති මෝටර් රථ තරගාවලි රැසකට සහභාගී වී ඇති ඔහු, 1997 වසරේ සිට ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ කමිටු සාමාජිකයෙක් ලෙස කටයුතු කර ඇති අතර එහි උප සභාපති ධූරයද දරා ඇත.

කොළඹ මෝටර් රථ ක්‍රීඩා සමාජයේ නියෝජිතයකු වන ෂෙහාන් ද තිසේරා මහතා දෙවැනි වරටත් ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ සංගමයේ ලේකම්වරයා ලෙස පත්වූයේද නිරගයෙනි. තනතුරු සංඛ්‍යාවට සමාන නාමයෝජනා සංඛ්‍යාවක් පමණක් ඉදිරිපත්වී තිබීම හේතුවෙන් එහිදී ඡන්දයක් නොපැවැත්වුණ අතර සියලුම තනතුරු සඳහා නිලධාරීන් නිතරගයෙන් පත්වූහ.

ඩේවිඩ් ටොඩ් සහ පුබුදු වික්‍රම යන මහත්වරු සංගමයේ උප සභාපතිවරු ලෙස පත්වූහ. සංගමයේ උප ලේකම්වරයා ලෙස ලෙස රිස්වි ෆාරුක් මහතාද, භාණ්ඩාගාරිකවරයා ලෙස උපුල්වන් සේරසිංහ මහතාද, උප භාණ්ඩාගාරිකවරයා ලෙස කර්නල් දුමින්ද ජයසිංහ මහතාද පත්වූහ. පුබුදු වික්‍රම මහතා හැරුණුකොට සෙසු නිලධාරීන් සියලු දෙනාම අදාල තනතුරු සඳහා පත්වූයේ පිට පිටම දෙවැනි වරටය.

සංගමයේ අනු සංගම් සහ ක්‍රීඩා සමාජ 9 නියෝජනය කරමින් නිලධාරීන් දෙදෙනා බැගින්ද, යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් නිලධාරීන් දෙදෙනකුද කමිටු සාමාජිකයන් අතරට ඇතුළත් වූහ. පෙර පැවැති විධායක සභාවට ඇතුළත්ව සිටි සාමාජියන්ගෙන් තිදෙනෙක් හැර සෙසු සියලුම සාමාජිකයන් මෙවර විධායක සභාවටද ඇතුළත්ව සිටීමද එහිදී කැපී පෙනෙන සිදුවීමක් විය.

සංගමයේ පළමු විධායක කමිටු රැස්වීම මෙම මාසය තුළදී පැවැත්වීමට නියමිත බවත්, එහිදී අනු කමිටු සඳහා නිලධාරීන් පත්කිරීමට බලාපොරොත්තුවන බවත් සභාපතිවරයා ‘ලංකාදීප’යට පැවසීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මෙම වසර නිමා වීමට පෙර ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ සියලුම අනු සංගම් සහ ක්‍රීඩා සමාජ සමග එක්ව එක් මෝටර් රථ තරගාවලියක් හෝ සංවිධානය තමා ඇතුළු නිලධාරී මණ්ඩලය බලාපොරොත්තු වන බවය.


නිලධාරී මණ්ඩලය
සභාපති - අෂ්හර් හමීම් මහතා (සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය)
ලේකම් - ෂෙහාන් ද තිසේරා මහතා (කොළඹ මෝටර් රථ ක්‍රීඩා සාමාජය)
උප සභාපතිවරු - ඩේවිඩ් ටොඩ් මහතා (මෝටර් රේසිං සංගමය) සහ පුබුදු වික්‍රම මහතා (ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදි කරුවන්ගේ සංගමය)
උප ලේකම් - රිස්වි ෆාරුක් මහතා (ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය)
භාණ්ඩාගාරික - උපුල්වන් සේරසිංහ මහතා (මීගමුව මෝටර් රථ සමාජය)
උප භාණ්ඩාගාරික - දුමින්ද ජයසිංහ මහතා (ශ්‍රී ලංකා යතුරුපැදි සමාජය)
කමිටු සාමාජිකයෝ -
මාලක හේරත් සහ ටී.ජී.එන්. ගාමිණී (මීගමු මෝටර් රථ ක්‍රීඩා සමාජය), රයන් ග්‍රේ සහ අභීත් දංගල්ල (කොළඹ මෝටර් රථ ක්‍රීඩා සාමාජය), ඉන්දූ සමරකෝන් සහ එම්.එම්. චන්දන (යුද හමුදා මෝටර් ක්‍රීඩා සමාජය), සෆ්රාස් ජ්‍රනේඩ් සහ යොහාන් ලෝරන්ස් (සිලෝන් මෝටර් ක්‍රීඩා සමාජය), දිනේෂ් ජයවර්ධන සහ ජාලිය ජයසෙකර (ආසියානු මෝටර් රේසිං ක්‍රීඩා සමාජය), ධම්මික පීරිස් සහ අජිත් හේමචන්ද්‍ර (ශ්‍රී ලංකා යතුරුපැදි සමාජය), අශාන් සිල්වා සහ ජයන්ත ප්‍රනාන්දු (ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය), කාමිල් හුසේන් සහ නිෂාන් වාසලතන්ත්‍රි (ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදි කරුවන්ගේ සංගමය), සංජය සේදර සෙනරත් සහ එරන්ද වාකිෂ්ඨ (සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය), නමාස් ෆව්සි සහ කාලිම් ඉක්බාල් (මෝටර් රේසිං සංගමය)

 


අදහස් (0)

ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ මුල් පුටුව යළිත් අෂ්හර් හමීම්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.