Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එෆ්.ඒ. කුසලාන අවසන් තරගය හෙට

එෆ්.ඒ. කුසලාන අවසන් තරගය හෙට

editorial - 2022 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝකයේ පැරණිතම පාපන්දු තරගාවලිය වන එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය හෙට (14 වැනිදා) චෙල්සි ක්‍රීඩා සමාජය සහ ලිවර්පූල් ක්‍රීඩා සමාජය අතර එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙවර තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ත්‍යාග මුදල ස්ටර්ලින් පවුම් ලක්‍ෂ 18 කි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 81 ඉක්මවන්නකි.

එංගලන්තයේ පාපන්දු සංගම් අතර 1871 දී ආරම්භ කරන ලද මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 141 වැනි වරටය. එම තරගාවලිය අනුකරණය කරමින් ලෝකයේ බොහෝ රටවලදී ‘එෆ්.ඒ’ (පාපන්දු සංගම්) කුසලන නමින් තරගාවලි ආරම්භ විය. පිළිමළුන් පිටුදැකීමේ පදනම අනුව පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 736 ක් සහභාගි වූහ.

පළමු අවසන් පූර්ව තරගයේදී මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 3-2 ක ජයක් වාර්තා කරමින් ලිවර්පූල් ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. චෙල්සි ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 2-0 ක ජයක් වාර්තා කරමිනි.

තෙවැනි වටයේදී චෙස්ටර්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 5-1 කද, සිවුවැනි වටයේදී ප්ලයිමවුත් අර්ගිල් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 2-1 කද, පස්වැනි වටයේදී ලුටන් ටවුන් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 3-2 කද ජයක් වාර්තා කළ චෙල්සි ක්‍රීඩකයෝ, අර්ධ අවසන් පූර්ව වටයේදී මිඩ්ල්ස්බ්‍රොග් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 2-0 ක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට පිවිසියහ.

තෙවැනි වටයේදී ශ්‍රෙව්ස්බරි ටවුන් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 4-1 කද, සිවුවැනි වටයේදී කාඩිෆ් සිටි ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 3-1 කද, පස්වැනි වටයේදී නෝවිච් සිටි ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 2-1 කද ජයක් වාර්තා කළ ලිවර්පූල් ක්‍රීඩකයෝ, අවසන් පූර්ව වටයට පිවිසියේ අර්ධ අවසන් පූර්ව වටයේදී නොටිංහැම් ෆොරස්ට් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 1-0 ක් වාර්තා කරමිනි.

මේ දක්වා පැවැති තරගාවලි 141 න් 14 ක් ජයගැනීමට අර්සෙනල් ක්‍රීඩා සමාජය සමත්ව ඇති අතර වැඩිම එෆ්.ඒ. කුසාලන සංඛ්‍යාවක් ජයගත් කණ්ඩායම ලෙස ඔවුන් ඉදිරියෙන්ම සිටියි. දෙවැනියට වැඩිම කුසලාන සංඛ්‍යාවක් ජයගත් කණ්ඩායම බවට මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය පත්ව සිටින්නේ කුසලාන 12 කට හිමිකම් කියමිනි.

- 036

 


අදහස් (0)

එෆ්.ඒ. කුසලාන අවසන් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.