Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්.පී.එල්. සන්නිවේදන සහකරු ඩයලොග්

එල්.පී.එල්. සන්නිවේදන සහකරු ඩයලොග්

editorial - 2021 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර (2021) ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ නිල සන්නිවේදන සහකරු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සන්නිවේදන සමාගමක් වන ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගම ඉදිරිපත්ව සිටී. එල්.පී.එල්. තරගාවලිය දෙසැම්බර් මස 5 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිය. 

තරග 24 කින් සමන්විත වන මෙවර තරගාවලයේදී ‘කලම්බු ස්ටාර්ස්’, ‘දඹුල්ල ජයන්ට්ස්’, ‘ගෝල් ග්ලැඩියේටර්ස්’, ‘ජැෆ්නා කිංග්ස්’ සහ ‘කැන්ඩි වොරියර්ස්’ යන කණ්ඩායම් තරග වදිති. 

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට පළපුරුදු දෙස් විදෙස් ක්‍රීඩකයන් සමග එක්ව තරග වදිමින් සිය දක්ෂතා ඉහළ නංවා ගැනීමටත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමටත් එමගින් අවස්ථාව උදාවනු ඇත. 

“එල්.පී.එල් වැනි ඉහළ මට්ටමේ තරගාවලියකින් අනාගතයේ දිනයක ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මව්බිමට ගෞරව දිනාදීමේ හැකියාවෙන් යුත් ක්‍රීඩකයන් හඳුනාගැනීම සහ ඔවුන්ට නිසි පෙරහුරුවක් ලබාදීමට අවස්ථාව හිමිවනවා. අත්දැකීම් සපිරි විදෙස් ක්‍රීඩකයන් හා එක්ව තරගවැදීම හෝ එම ක්‍රීඩකයන්ට එරෙහිව තරගවැදීමට ඉඩ ප්‍රස්තාව සලසාදීම මගින් ඉතා ඉක්මනින් ඔවුන්ට ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා විලාශයන් හඳුනාගැනීමට අවස්ථාව හිමිවෙනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා කියා සිටියේය. 

“දකුණු ආසියානු කලාපයේ මහත් පිළිගැනීමක් හිමිවන කැපී පෙනෙන ඉසව්වක් බවට පත්වන එල්.පී.එල්. තරගාවලියේ නිල සන්නිවේදන සහකරු ලෙසින් අනුග්‍රහය දැක්වීමට හැකිවීම සම්බන්ධයෙන් ඩයලොග් සමාගම මහත් සතුටට පත්වෙනවා. වසර 10 ක පමණ කාලයක් පුරා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන් කටයුතු කරන ඩයලොග් සමාගම, ජාතික කණ්ඩායම වෙනුවෙන් අනාගත ශූරයන් හඳුනාගැනීම හා තෝරාගැනීම උදෙසා එල්.පී.එල්. තරගාවලිය අගනා වේදිකාවක් බවට පත්වනු ඇතැයි විශ්වාස කරනවා.” යැයි ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සඳහන් කළේය. 

ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම ක්‍රිකට්, වොලිබෝල් සහ දැල්පන්දු ජාතික කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙසද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලිය, රග්බි අන්තර් සමාජ තරගාවලිය, ප්‍රධානතම පාපන්දු තරගාවලිය, පාසල් ක්‍රිකට් සහ පාසල් රග්බි තරග, යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය මෙන්ම ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට සවිය එකතු කිරීමටද ඩයලොග් ආසියාටා සමාගම කටයුතු කර ඇත.

ඡායාරූපය - 

 

ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා විසින් තරගාවලියේ සංවිධායකයන් වන අයි.පී.ජී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ අනිල් මොහාන් මහතා වෙත අනුග්‍රාහකත්වය නිල වශයෙන් පිරිනමනු ලැබූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.  තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය. (ඡායාරූපයේ වමේ සිට දකුණට - ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, තරුණ සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා) 

-036 


අදහස් (0)

එල්.පී.එල්. සන්නිවේදන සහකරු ඩයලොග්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.