Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා මාධ්‍යවේදී එල්මෝ සමුගනී

ක්‍රීඩා මාධ්‍යවේදී එල්මෝ සමුගනී

editorial - 2021 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩේලි නිවුස්’ පුවත්පතේ හිටපු ක්‍රීඩා කර්තෘවරයෙකු වන එල්මෝ රුද්‍රිගුපුල්ලේ මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (20 වැනිදා) අභාවප්‍රාප්ත විය.  මියයන විට 80 හැවිරිදි වියේ පසුවූ ඔහු ශ්‍රී ලංකාවේ සිටි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩා මාධ්‍යවේදියෙකි.  

ඔහු ‘ඩේලිනිවුස්’ පුවත්පතේ ක්‍රීඩා කර්තෘ ධුරයේ දීර්ඝ කාලයක් කටයුතු කළේය. ඒ හැරෙන්නට සිලෝන් ‘ඩේලිමිරර්‘ පුවත්පතේ හා මුල් යුගයේ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ ක්‍රීඩා කර්තෘ ධුරවලද කටයුතු කර තිබේ.  ඔහු ඔලිම්පික් උළෙල ඇතුළු ලොව ප්‍රධානතම අන්තර් ජාතික ක්‍රීඩා තරගාවලි ගණනාවක මාධ්‍ය  ආවරණයට සහභාගි වී තිබේ.

1972 මියුනිව් ඔලිම්පික් උළෙලට පෙරත් හා 1980 මොස්කව් ඔලිම්පික් උළෙලට පෙරත් ජර්මනියේ හා රුසියාවේ සංචාරය කරමින් එකී ඔලිම්පික් උළෙල සඳහා එම රටවල සූදානම පිළිබඳ වාර්තා කිරීමට ඔහු සමත්ව තිබේ.

ප්‍රනාන්දු පුල්ලේ මහතා කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලේ ආදි සිසුවෙකි. එහි ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද දරා ඇති රොඩ්රිගුපුල්ලේ මහතා  ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිගේ කණ්ඩායමද නියෝජනය කර තිබේ. දේශීය  තරගාවලියකදී වේගවත්ම ශතකයක් රැස් කිරීමේ වාර්තාවද එකල ඔහු සතුවිය.

ඔහුගේ දේහය දැනට බොරැල්ල ඒ.එෆ් රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු 22 වැනිදා පස්වරු 4.00 ට මාදම්පිටියට පොදු සුසාන භූමියේදි සිදුකෙරේ.

- 223


අදහස් (0)

ක්‍රීඩා මාධ්‍යවේදී එල්මෝ සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.