Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොරෝනා සුවවූ සකීබ් පළමු ටෙස්ට් තරගයට

කොරෝනා සුවවූ සකීබ් පළමු ටෙස්ට් තරගයට

editorial - 2022 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන් කොරෝනා වයිරසයෙන් සුවවී ඇති බව දැනගන්නට තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ඉරිදා (15 වැනිදා) ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට අවසර දී ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය අද (13 වැනිදා)  ප්‍රකාශ කළේය.

මේ වනවිට 35 හැවිරිදි වියේ පසුවන සකීබ් බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් පන්දු යවන්නා වන අතර තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්හී සිව්වැනියා බවටද පත්ව ඇත. එමෙන්ම එක්දින ජාත්‍යන්තර තරග වල තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හී සකීබ් පෙරමුණේ පසුවන්නේය.

”පී.සී.ආර්. පරීක්‍ෂණය සෘණාත්මක වුනා. ඔහුගේ ශාරීරික යෝග්‍යතාව හොඳනම් ඔහුට පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරන්න පුලුවන්,” යයි තේරීම් කමිටු ප්‍රධානී මින්හාවුල් අබෙඩීන් මහතා පැවසීය.

ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත් වන එක්සත් ජනපදයේ සිට නැවත ආපසු පැමිණීමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර් පරීක්‍ෂණයක් ධනාත්මක වීම හේතුවෙන් මින් පෙර ඔහුව චිතගොං හි පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් ඉවත් කර තිබුණි.

පවුලේ හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් ඉවත්ව ගිය සකීබ්ට දකුණු අප්‍රිකාවට එරෙහිව බංග්ලාදේශයේදී පැවැති ටෙස්ට් තරඟාවලිය අහිමිවිය. නමුත් පසුව පැවති එක්දින තරඟාවලියට ක්‍රීඩා කළ අතර එය 2-1ක් ලෙස බංග්ලාදේශය ජය ගත්තේය.

අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් තරඟ දෙකකින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය ඉරිදා (8 වැනිදා) බංග්ලාදේශය බලා පිටත්වූහ.

දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 23 වැනිදා ඩකාහිදී ආරම්භ වේ.

-2079

 


අදහස් (0)

කොරෝනා සුවවූ සකීබ් පළමු ටෙස්ට් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.