Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කංචන ආසියානු ටයිකොන්ඩෝ සමුළුවට

කංචන ආසියානු ටයිකොන්ඩෝ සමුළුවට

editorial - 2021 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ටයිකොන්ඩෝ සම්මේලනයේ සංවර්ධන කමිටුව සඳහා ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා පත්කර ඇත. ඊට අදාල නිල පත්වීම් ලිපිය, තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේ පැවැති උත්සවයක දී කොරියානු තානාපති වූන්ජින් ජෙඔන්ග් මහතා විසින් කංචන ජයරත්න මහතා වෙත පිරිනමන ලදී.

ශ්‍රී ලංකාවේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රවර්ධනය හා සංවර්ධනය කිරීම සඳහා සිදුකරන ලද සේවය වෙනුවෙන් ටයිකොන්ඩෝ ලෝක මූලස්ථානය වන කොරියාවේ කුකිවොන් ආයතන විසින් කංචන ජයරත්න මහතා වෙත කළු පටි 06 වන ශ්‍රේණිය පිරිනැමීමටද පියවර ගෙන ඇත.

2017 - 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපතිධූරය සඳහා නිතරඟයෙන් තේරී පත් වූ කංචන මහතා ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ උන්නතිය උදෙසා සඳහා සුවිශේෂී කාර්යභාරයක් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2019 දී පැවැති 13 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේදී දී රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 07 ක්, ලෝකඩ පදක්කම් 16 ක් සමගින් පදක්කම් 27 ලබා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම පදක්කම් ලබාගත් ක්‍රීඩාවන් අතරින් 03 වන ස්ථානය දක්වා ටයිකොන්ඩෝ ක්‍රීඩාව ඔසවා තැබීමට ඔහුට සමත්විය.


- 2079

 


අදහස් (0)

කංචන ආසියානු ටයිකොන්ඩෝ සමුළුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.