Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලිය ශ්‍රී ලංකාවේ

කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලිය ශ්‍රී ලංකාවේ

editorial - 2021 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාව පළමු සත්කාරය දරමින් හඳුන්වා දුන් දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය වසර 2022  මැයි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සැළසුම් කර තිබේ.

වසර 2007 දී මෙම තරගාවලිය පළමු වරට ශ්‍රී ලංකාවේ සත්කාරය දරමින් කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වුණි. දෙවැනි තරගාවලිය වසර 2013 දී පැවැත්වුණේ ඉන්දියාවේ රංචි නුවරදීය.  එහි තුන්වැනි තරගාවලිය ද ශ්‍රී ලංකාවේ සත්කාරයෙන් වසර 2018 මැයි මාසයේදී කොළඹ සුගතදාස පිටියේදී පවත්වා තිබේ.

එහිදී ඉන්දියාව රන්පදක්කම් 20 ක් දිනා ගනිමින් තරගාවලිය ජය ගත්තේය. සත්කාරක ශ්‍රී ලංකාව එහිදී සතුකර ගත්තේ රන් පදක්කම් 12 කි. රිදී පදක්කම් 10 ක් හා ලෝකඩ පදක්කම් 19 ක්ද එහිදී ශ්‍රී ලංකාව සතු විය.

මෙම තරගාවලිය වසර දෙකකට වරක් පැවත්වීමට ගත් උත්සාහය අසාර්ථක වූයේ සත්කාරකත්වය සඳහා රටවල් ඉදිරිපත් නොවීමය. කෙසේ වුවත් මෙතැන් පටන් තරගාවලිය වසර දෙකකට වරක් පවත්වා ගෙන යාම සඳහා ඉන්දියාව ඇතුළු කලාපයේ සෙසු රටවල් සහය ලබා ගන්නා බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය අවධාරණය කරයි.


අදහස් (0)

කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලිය ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.