Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීය විදුහලේ සදිෂගෙන් ශතකයක්

රාජකීය විදුහලේ සදිෂගෙන් ශතකයක්

editorial - 2022 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති සාම්ප්‍රදායික දෙදින තරගයේදී දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 166 ක් රැස්කිරීමට රාජකීය විදුහලේ සදිෂ රාජපක්ෂ සමත් විය.
 
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රාජකීය විදුහල සදිෂගේ පිතිහරඹය හේතුවෙන් සිය පළමු ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 404 ක් ලබාගත්තේය. එහිදී සිනෙත් ජයවර්ධන (95) සහ දසිස් මන්චනායක (67) අර්ධ ශතක ලබාගනිමින් රාජකීය ඉනිම සවිමත් කළහ.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ආනන්ද විදුහල තරගය නිමාවට පත්වන විට කඩුලු 9 ක් දැවී ලකුණු 332 ක් ලබා සිටියේය. එහිදී නෙත්ම කරුණාරත්න (69) සහ පුලින්ද කිරිඇල්ල (නොදැවී 54) ආනන්ද විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ.


රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 6 ක් දැවී 404
(සදිෂ රාජපක්ෂ 166, සිනෙත් ජයවර්ධන 95, දසිස් මංචනායක 67, ළහිරු ගඟේවත්ත නොදැවී 32, අනුෂ් පොලොන්නෝවිට 20, ශක්ති උදාර 82/3)

ආනන්ද විදුහල පළමු ඉනිම - ඕවර 93 කදී කඩුලු 9 ක් දැවී 332
(නෙත්ම කරුණාරත්න 69, පුලින්ද කිරිඇල්ල නොදැවී 54, හංසජ ජයසිංහ 49, නුෂාල් ධර්මරත්න 41, ඉරුත් ගිම්ෂාන් 37, ගිෂාන් බාලසූරිය 79/3, සිනෙත් ජයවර්ධන 05/2, සදිෂ රාජපක්ෂ 84/2)

-036

 


අදහස් (0)

රාජකීය විදුහලේ සදිෂගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.