Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රයිගම් - පස්දුන් ගැටුම 19 -20 හොරණදී

රයිගම් - පස්දුන් ගැටුම 19 -20 හොරණදී

editorial - 2022 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(මතුගම බන්දු තඹවිට)

මතුගම සී.ඩබ්ලිව්. ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ ශ්‍රීපාලි විද්‍යාලය අතර සිව්වන වරට පැවැත්වෙන රයිගම් පස්දුන් ගැටුම නමින් හඳුන්වන මහක්‍රිකට් තරගය මෙම මස 19 සහ20 දිනවලදී හොරණ ශ්‍රිපාලි විද්‍යාලිය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

2017 වසරේ ආරම්භ වුණු මෙම මහ ක්‍රිකට් තරගයේ මුල්වසර දෙකේ මහ තරග දෙකම ජයපරාජයෙන් තොරව අවසන් විය. කොරෝනා වසංගතය නිසා 2019න් පසුව පසුගිය වසර දෙකේ මෙම ක්‍රිකට් තරගය නොපැවැත්විණි. 2019 වර්ෂයේ තරගය හොරණ ශ්‍රිපාලි කණ්ඩායම ජයග්‍රහණය කළේය.

මෙවර පැවැත්වෙන සිව්වන මහතරගයේදී මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහල් කණ්ඩායම නෙවිඳු ඉඳුවර විසින්ද, හොරණ ශ්‍රීපාලි විදුහල් කණ්ඩායම බිනූ ජිනාදිත් විසින්ද මෙහෙයවනු ලබති.

මතුගම කන්නන්ගර විදුහල් කණ්ඩායම මෙවර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙය වූ අවුරුදු 19 න් පහළ තුන්වැනි කොටසේ ඒ. කණ්ඩායම් තරඟාවලියේ අවසන් කණ්ඩායම් 16 දක්වා තේරී පත්වීමට සමත් විය.

මතුගම කන්නන්ගර විදුහල් කණ්ඩායමේ නායක නෙවිඳු ඉඳුවර මෙවර තරගාවලියේදී තරග 05 කට මුහුණදී අර්ධ ශතක දෙකක් සමග ලකුණු 199, තත්සික දෙව්මිත් තරග 5 කට සහභාගී වී අර්ධ ශතක 2 ක් සමග ලකුණු 182 ක් ද, පහන් බිම්සර තරග 5 කදී කඩුලු  11 ක් ද ,දසුන් ගුණසිංහ තරග 5 කදී කඩුලු 10 ක් ද   ලබාගෙන ඇත.

හොරණ ශ්‍රිපාලී කණ්ඩායමේ ක්‍රීඩකයෝ දෙදෙනෙක් මෙවර කළුතර දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කළහ.  අතර 19න් පහළ තුන්වන කොටසේ තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා අතරට පැමිණීමට ශ්‍රිපාලි කණ්ඩායමට හැකිවී ඇත.

හොරණ ශ්‍රිපාලි කණ්ඩායමේ නායක බිනූ ජිනාදිත් තරග 5 කට සහභාගි වී ශතකයක් සමග ලකුණු 170 ක්ද, හිරුක ලෝහිත තරග 5 කට සහභාගි වී කඩුලු 10 ක්ද ලබාගෙන ඇත.

 

මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහල් කණ්ඩායම

ඉදිරිපෙළ වමේ සිට:-  විහඟ සත්සර, තෙවිඳු විජේසුන්දර (නායක), සුමිත් සේනක (පුහුණුකරු), චානක ඉහලහේවා (ක්‍රිකට් භාර ආචාර්ය), සුසන්ත වීරසිංහ (විදුහල්පති) ,හේමන්ත ගුණරත්න (නියෝජ්‍ය විදුහල්පති), ඉන්දික සුමනරත්න (නියෝජ්‍ය විදුහල්පති), දිනිල් සමුදිත (උප නායක), කවිෂ්ක මදුෂාන්,

දෙවන පෙළ:- චමිත් දෙව්මන්ත, පහන් බිම්සර, උදිත ගුණතිලක, චනුල් තියුගී, සංක රුක්ෂාන්, යශෝද ඉමේෂ්, නන්සික, තනුෂ ෂෙහාන්, චමිත වන්නිආරච්චි, ශකිල ප්‍රියශාන්, දසුන් ගුණසිංහ, තත්සර ප්‍රභාෂණ, සඳුන් කුමුදේශ්.

 

හොරණ ශ්‍රීපාලි විදුහල් කණ්ඩායම

ඉදිරිපෙළ වමේ සිට :- කවිෂ්ක රුක්ෂාන්, බිනූ ජිනාදිත් රාජකරුණා (නායක), ගයාන් විදුරංග (සහාය පුහුණුකරු), කමල් සුජීව (ක්‍රිකට් භාර අචාර්ය සහ ප්‍රධාන පුහුණුකරු), එම්.ඩී.ජයසිරි (විදුහල්පති), මහීප මදුශංක (සහාය පුහුණුකරු), සුසිරි කිඳෙල්පිටිය (සහාය පුහුණුකරු), උපේක ආමන්ත (උප නායක), හිරුක ලෝනිත.

දෙවන පෙළ:-

ශෙහාන් දිල්හාර, චිරාත් ඉමන්ජිත්, පැතුම් උදයංග, මිහිසර ජයසිංහ, ඩිෂාන් කවින්ද ,හරිඳු නිම්සර, තරිඳු දිනෙත්, නදිෂ්ක නයනමාල්, චනිරු දිනුජය, නිසල් ප්‍රබුදිත්, ගිහාන් රන්දික, මනුජය චිරාත්, ක්‍රිෂාන් කුමාර, තුෂර ප්‍රමුදිත, නවීන් දෙමින්ද...


අදහස් (0)

රයිගම් - පස්දුන් ගැටුම 19 -20 හොරණදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.