Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහමදුල්ලා ටෙස්ට් පිටියෙන් සමුගනී

මහමදුල්ලා ටෙස්ට් පිටියෙන් සමුගනී

editorial - 2021 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 12 කින් සමන්විත වූ සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියට තිත තබමින් ටෙස්ට් ක‍්‍රිකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට 35 වැනි වියේ පසුවන බංග්ලාදේශ තුන් ඉරියව් කී‍්‍රඩක මහමදුල්ලා රියාද් තීරණය කර ඇත.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව 2009 වසරේ ජූලි මාසයේ කිංග්ස්ටන්හිදී බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් මහමදුල්ලා, මේ දක්වා ටෙස්ට් තරග 50 කදී 33.49 ක සාමාන්‍යයක් රඳවාගමින් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව ලකුණු 2914 කි.

එහිදි ශතක 5 ක් සහ අර්ධ ශතක 16 ක්ද ලබාගෙන ඇති මහමදුල්ලා, බිඳහෙළා ඇති කඩුලූ සංඛ්‍යාව 43 කි. ටෙස්ට් තරග 6 කදී බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාවද මහමදුල්ලාට හිමිව තිබේ.

මෙම වසරේ (2021) ජූලි මාසයේ හරාරේ කී‍්‍රඩාගංණයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිය 50 වැනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළ ඔහු, පළමු ඉනිමේදී නොදැවී ලකුණු 150 ක් රැස්කරමින් එම තරගයේ වීරයා බවටද පත් විය.

”දීර්ඝ කාලයක් පුරා සම්බන්ධ වෙලා හිටපු ආකෘතියකින් ඉවත් වෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. මම හැම වෙලාවෙම හිතුවෙ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් ඉහළමට යන්නයි. ඒත් දැන් සමුගන්න කාලය හරි කියලා මට හිතෙනවා.” යැයි මහමදුල්ලා ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

”මම නැවත ටෙස්ට් කණ්ඩායමට පැමිණීමේදී මට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් බංග්ලාදේශ කි‍්‍රකට් සභාපතිවරයාට මගේ කෘතඥතාව පළ කිරීමට අවශ්‍යයි. සැම විටම මාව දිරිමත් කිරීම සහ මගේ හැකියාව ගැන විශ්වාස කිරීම ගැන මගේ කණ්ඩායමේ සාමාජිකයින්ට සහ සහායක කාර්ය මණ්ඩලයට මම ස්තූතිවන්ත වෙනවා. බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් තරගවලට ක‍්‍රීඩා කිරීමට ලැබීම මට විශාල ගෞරවයක් සහ වරප‍්‍රසාදයක්.” යැයිද එම නිවේදනයේ සඳහන් විය.

”ටෙස්ට් කි‍්‍රඩාවෙන් සමුගත්තත් තවදුරටත් එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් සමග රැුදෙමින් හැකි උපරිම අයුරින් මගේ රටට සේවය කිරීමට මම බලාපොරොත්තු වෙනවා.” යැයිද මහමදුල්ලා සිය නිවේදනයේ සඳහන් කර තිබිණ.


-036

 


අදහස් (0)

මහමදුල්ලා ටෙස්ට් පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.