Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මන්චි කුසලාන සුපර් ලීග් වොලිබෝල් තරග 9 දා සිට

මන්චි කුසලාන සුපර් ලීග් වොලිබෝල් තරග 9 දා සිට

editorial - 2022 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

දේශීය තරගාවලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් පසුවුවත් කල්දමනු ලැබූ ‘මන්චි’ කුසලාන ජාතික ශූරතා වොලිබෝල් තරග මාලාවේ සුපර් ලීග් තරගාවලියේ කාන්තා හා පිරිමි මූලික තරග මෙම 9 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සැළසුම් කර තිබේ. ඒ අනුව මැයි 9-10-11-12 යන දිනවල ගාල්ල දඩල්ල ජාතික වොලිබෝල් මධ්‍යස්ථාන (වොලිබෝල් පියස) ගෘහස්ථ පිටියේදී  සුපර්ලීග් කාණ්ඩයේ මූලික තරග වට පවත්වා අවසන් කිරීමට වොලිබෝල් සම්මේලනය කටයුතු යොදා තිබේ.

වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා ‘ලංකාදීපය’ කළ විමසුමකදී පැවසුවේ රට තුළ දැන් උද්ගතව පවතින අර්බුදකාරී තත්වයන් පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරමින් වොලිබෝල් සම්මේලනය මෙම දිනවලදී සුපිරි ලීග් තරගාවලියේ මූලික වට පවත්වා අවසන් කිරීමට උනන්දුවී සිටින බවයි.

‘‘දිගින් දිගටම කල් දමන්න බැරි හින්දා අපි කල් ගිය ජාතික ශූරතා සුපර්ලීග් තරගාවලියේ මූලික වට සඳහා නැවත දින යොදා ගත්තා. එහෙම උනත් ඉදිරි දිනවලදී රටේ පවතින තත්වය අනුව ඒ දිනත් වෙනස් වෙන්න පුළුවන්“

රට පුරා ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරි දිනවලදී ගමන් පහසුකම් සලසා ගැනීමේ හැකියාව ගැන එතනදී අපි දැඩිව අවධානයට ගන්නවා’’ යයිද වොලිබෝල් සම්මේලනයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

සුපර් ලීග් පිරිමි තරගාවලියට කණ්ඩායම් අටක් හා කාන්තා තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගිවීමට නියමිතය. ඒ අතර ගියවර කාන්තා ශූරතාව දිනාගත් යුද හමුදා ක්‍රීඩා සමාජයත් පිරිමි ශූරතාව දිනාගත් විදුලිබල මණ්ඩල කණ්ඩාමත් සිටිති.

කාන්තා තරග පෙරවරුවේදීත් පිරිමි තරග පස්වරුවේදීත්  පැවැත්වීමට සැළසුම් කර තිබේ. අවසන් පූර්ව වටය දක්වා එහිදී තරග පැවැත්වේ.

පසුගිය අප්‍රේල් 20 වැනිදා සිට 23 වැනිදා දක්වා සුපර්ලීග් මූලික වටයේ තරග ගාල්ලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබියදී හදිසියේම අත්හිටවනු ලැබීය. එහිදී අප්‍රේල් 23 වැනිදා අවසන් පූර්ව තරග වටයෙන් පසුව අප්‍රේල් 24 වැනිදා තෙවැනි ස්ථානය තේරීමේ තරගත් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

 


අදහස් (0)

මන්චි කුසලාන සුපර් ලීග් වොලිබෝල් තරග 9 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.