Last Update  :  2024-04-24 17:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news භානුක පිට පිටම දෙවැනි අර්ධ ශතකයත් ලබයි

භානුක පිට පිටම දෙවැනි අර්ධ ශතකයත් ලබයි

editorial - 2021 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දහයයි-10 ලීග් තරගාවලියේදී පිට පිටම දෙවැනි අර්ධ ශතකයත් ලබාගැනීමට චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන භානුක රාජපක්ෂ (54) සමත් විය. අබුඩාබි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී පන්දු 29 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමග ඔහු එම අර්ධ ශතකය ලබාගත්තේය.

එහිදී ඇන්‍ජලෝ පෙරේරා (නොදැවී 32) සමග එක්ව චෙන්නායි ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 69 ක‍ වේගවත් සම්බන්ධාතාවක් ගොඩනැගීමටද භානුක සමත් විය. පන්දු 19 කදී වාර්තා වූ ඇන්ජලෝගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය. සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි නායක දසුන් ශානක පන්දු 8 කදී නොදැවී ලකුණු 23 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කයක් හඹාගිය අබුඩාබි ක්‍රීඩකයෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු පිලිප් සොල්ට් පන්දු 28 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමග ‍නොදැවී ලකුණු 63 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පෝල් ස්ටර්ලින් (44) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ‍සෝල්ට් අබුඩාබි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. පන්දු 18 කට මුහුණදුන් ස්ටර්ලින් හයේ පහර 5 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසුවේය. ‍නායක ‍ලයෑම් ලිවිංග්ස්ටන් පන්දු 10 කින් ලකුණු 24 ක් රැස්කළේ හයේ පහර 3 ක් සමගිනි.

 

චෙන්නායි බ්‍රේව්ස් පිල - ඕවර 10 කදී කඩුලු 2 කට 131
(රවී බොපාරා 14, භානුක රාජපක්ෂ 54, ඇන්ජලෝ පෙරේරා නොදැවී 32, දසුන් ශානක නොදැවී 23)

අබුඩාබි පිල - ඕවර 9.2 කදී කඩුලු 2 කට 136
(පිලිප් සෝල්ට් නොදැවී 63, ‍පෝල් ස්ටර්ලින් 44, ලයෑම් ලිවිංග්ස්ටන් ‍24)

-036

 


අදහස් (0)

භානුක පිට පිටම දෙවැනි අර්ධ ශතකයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.