Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බැඩ්මින්ටන් ගෘහස්ත ක්‍රීඩාංගණය නවීකරණය කරයි

බැඩ්මින්ටන් ගෘහස්ත ක්‍රීඩාංගණය නවීකරණය කරයි

editorial - 2019 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය විසින් නවීකරණය කරන ලද කොළඹ 7, මේට්ලන්ඞ් පෙදෙසෙහි පිහිටි බැඞ්මින්ටන් මූලස්ථාන ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් ඉකුත්දා පැවැති උත්සවයකදී විවෘත කරනු ලැබිණ. මෙම අවස්ථාවට බැඩ්මින්ටන් සංගමයේ නව සභාපති රොහාන් ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා නිලධාරීන් රැසක් සහභාගි වූහ.

ක්‍රීඩාංගණය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, රොහාන් ද සිල්වා, සංගමයේ උප සභාපති පරාක්‍රම බස්නායක සහ නාලක වීරක්කොඩි යන මහත්වරු ප්‍රතිසංස්කරණය කරන ලද ක්‍රීඩාංගණයේදී ප්‍රදර්ශන තරගයකටද සහභාගි වූහ. එම තරගයෙන් අනතුරුව හිටපු ජාතික ශූර අචිනි රත්නසිරි සහ කවින්දි දිනාරි අතරද ප්‍රදර්ශන කේවල තරගයක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථාන ගෘහස්ත ක්‍රීඩාංගණය පසුගිය කාලය තුළ නොයෙකුත් අඩුපාඩු රාශියකින් යුක්ත වූ අතර එහි ක්‍රීඩා පිටි නියමිත ප්‍රමිතියකට අනුව නොතිබූ නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ දෛනික පුහුණු සැසි වාරවලට සහභාගී වන විට පවා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවූහ.  

මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස ගෘහස්ත ක්‍රීඩා පිටි සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ නංවා ඇති අතර ක්‍රීඩා සංකීර්ණයම විශාල ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව කෘතිම ආවරණද යොදා තිබේ. ඊට අමතරව නව ආලෝක කරණ පද්ධතියක්ද ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණය තළ ස්ථාපනය කර තිබේ.


-036

 


අදහස් (0)

බැඩ්මින්ටන් ගෘහස්ත ක්‍රීඩාංගණය නවීකරණය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.