Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු විශේෂ සභාවට වාරණයක්

පාපන්දු විශේෂ සභාවට වාරණයක්

editorial - 2022 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පොළොන්නරුවේදී ලබන අඟහරුවාදා (17) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ විශේෂ මහ සභා රැස්වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (13) වාර්ණ නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වසර 2022 සාමාජික ලීග, නාම ලේඛනයෙන් ඉවත් කිරීමට එරෙහිව ගම්පොල පාපන්දු ලීගය හා රාජ්‍ය සේවා පාපන්දු ලීගය ගොනුකළ පෙත්සමක් සලකා බලමින් කොළඹ දිසා අධිකරණය මෙම  වාරණ නියෝගය  නිකුත් කර තිබේ.

පෙත්සම සලකා බැලු අධිකරණය වග උත්තරකරුවන් ලෙස නම්කර ඇති ශ්‍රී  ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් හා එහි ප්‍රධාන ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උපාලි හේවගේ යන මහත්වරුන්ට මෙම 26 වැනිදා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

 මෙම පැමිණිලිකාර පාපන්දු ලීග දෙකේ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය කටයුතු  කර ඇත්තේ නියමිත රෙගුලාසිවලට අනුකූලව එහි ලීග දෙකේ නිලවරණ පැවැත්වීමට අපොහොසත්වීම පිළිබඳව චෝදනා කරමිනි.

මෙම නඩුවේ පැමිණිලිකරුවකු වන සුනිල් සෙනවීර මහතා ගම්පොල පාපන්දු ලීගයේ පැවති නිලවරණයේ දී ප්‍රධාන ලේකම් ධුරයට පත්වූවෙකි. ඔහු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ක්‍රියාත්මක වූ අවධියේ එහි හිටපු ලේකම්වරයකු ද පැවැති එම නිලවරණයට එකඟවිය නොහැකි බව දක්වමින් එහි ක්‍රීඩා සමාජ කීපයක් පාපන්දු ආයතනයට ගොනු කළ පැමිණිල්ලකට අනුව ගම්පොළ පාපන්දු ලීගයේ පත් වූ විධායක සභාව විමර්ශනයක් කෙරෙන තුරු අත්හිටුවීමට පාපන්දු ආයතනය පියවර ගෙන තිබූ බව වාර්තා විය.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත අනුමත කර ගැනීමේ ප්‍රධාන අපේක්ෂාවෙන් එහි  විශේෂ මහ සභා රැස්වීමක් මෙම 17 වැනිදා පොළොන්නරුව ‘අරලිය’ හෝටලයේ දී පැවැත්වීමට නියමිතව තිබුණේ ලීග 62කගේ සහභාගිත්වයෙනි.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය ලබන ජුලි 30 වැනිදා හෝ ආසන්න දිනක දී පැවැත්වීමට දැනට සැලසුම් කර තිබේ. මෙසේ විශේෂ මහ සභා රැස්වීම කල් දැමීම තුළින් නිලවරණය ද කල් දැමීමට සිදුවනු ඇතැයි පාපන්දු  ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි.


අදහස් (0)

පාපන්දු විශේෂ සභාවට වාරණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.