Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැට් කමින්ස් අයි.පී.එල්. තරගාවලියෙන් ඉවතට

පැට් කමින්ස් අයි.පී.එල්. තරගාවලියෙන් ඉවතට

editorial - 2022 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී උකුල් ඇටයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස්ට මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සෙසු තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී තිබේ.

ආබාධ තත්ත්වය හේතුවෙන් කමින්ස්ට කොල්කටා කණ්ඩායම සහභාගි වන මූලික වටයේ අවසන් තරග දෙකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවන අතර එම තරග දෙක 14 වැනිදා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිවද, 18 වැනිදා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිවද පැවැත්වේ.

මෙවර තරගාවලියේදී කොල්කටා කණ්ඩායම වෙනුවෙන් තරග 5 කට ක්‍රීඩා කළ කමින්ස් ඕවර 19.5 ක් යවමින් ලකුණු 212 කට කඩුලු 7 ක් දවාගත්තේ 26.14 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. මුම්බායි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමග පන්දු 15 කින් නොදැවී ලකුණු 56 ක් රැස්කිරීමටද ඔහු සමත් විය.

මේ වන විට කමින්ස් අයි.පී.එල්. තරගාවලියේ ජෛව ආරක්ෂක බුබුළෙන් මිදී සිය මව් රට වන ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති බවද, ආබාධ තත්ත්වය සඳහා වැඩිදුර ප්‍රතිකාර ලබාගනිමින් විවේක සුවයෙන් පසුවන බවද වාර්තා වේ.

“ඉන්දියාවේදී මම හුඟක් හොඳ කාලයක් ගතකළා. මටත් මගේ පවුලේ අයටත් සැලකූ ආකාරය සම්බන්ධයෙන් මම කොල්කටා නයිට් රයිඩ්ර්ස් කණ්ඩායමට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. තරගාවලියේ ඉතිරි තරග සඳහා මම කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ට සුබ පතනවා. ඔබ සමග නොසිටියත් මම නිවසේ ඉදන් ඔබ වෙනුවෙන් ඔල්වරසන් දෙනවා.” යැයි කණ්ඩායමට සමුදීමට පෙර කමින්ස් පැවසීය.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේදීද කමින්ස් විවේක ගන්වා ඇති බැවින් ඔහුට සිය ආබාධ තත්ත්වයෙන් පූර්ණ සුවය ලබා එක්දින තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව හිමිවනු ඇත. විස්සයි-20 තරග 3 කින්, එක්දින තරග 5 කින් සහ ටෙස්ට් තරග 2 කින් සමන්විත සති හතක දීර්ඝ සංචාරයක නිරත වීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම එළබෙන ජූනි සහ ජූලි මාසවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.


-036

 


අදහස් (0)

පැට් කමින්ස් අයි.පී.එල්. තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.