Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නෙත්සර - සත්සර කුලරත්නය දිනවති

නෙත්සර - සත්සර කුලරත්නය දිනවති

editorial - 2022 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ පි.ද.එස්.කුලරත්න විද්‍යාලය හා රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගනයේ පැවති   ශුරයින්ගේ  මංගල එක්දින ක්‍රිකට් ක්‍රිකට් තරගය  ලකුණු 138 කින් ජය ගැනීමට පි.ද.එස්.කුලරත්න විද්‍යාලය සමත්විය .

දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින් ශතකයක් (100) ලබාගත් රවිශාන් නෙත්සර හා ලකුණු 07 කට කඩලු 4 ක් දවාගත් නායක කවිෂ් සත්සර පි.ද.එස්.කුලරත්න විදුහල්  ජයග්‍රාහනයේ  නියමුවෝ වුහ .

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පි.ද.එස්.කුලරත්න විද්‍යාලය නියමිත ඕවර 45කදි කඩලු 7ක් දැවී ලකුණු 219ක් ලබාගත්තේය .රවිශාන් නෙත්සර ලබාගත් ශතකය පි.ද.එස්.කුලරත්න විද්‍යාලය ලකුණු 200යේ සීමාව පසුකර යාමට උදව් විය. මෙහිදී දෙවපතිරාජයේ පවන් සන්දේශ් පන්දු යවමින් ප්‍රතිවාදී කඩලු 3ක් ලකුණු 36 කට බිද හෙලීය .

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි දේවපතිරාජ විද්‍යාලය ඕවර 18.2 කදී සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 81ක් පමණි. දක්ෂ ලෙස පන්දු යැවූ පි.ද.එස්.කුලරත්න විද්‍යාලයේ නායක කවිෂ් සත්සර ලකුණු 07 කට කඩලු 4ක් හා ධනුෂ්ක මධුශාන් ලකුණු නොදී කඩලු 2ක් ද හිරුෂ දෙව්මිණ ලකුණු 24 ට කලු 2ක් ද දවා ගත්හ .

 

පී.ද.එස්.කුලරත්න විද්‍යාලය ඕවර 45 ට කඩලු 7ක් දැවී 219
(රවිශාන් නෙත්සර 100 ,කවිෂ් සත්සර 36,පවන් සන්දේශ් 46/3 )

දේවපතිරාජ විද්‍යාලය ඕවර 18.2 කදී සියලුදෙනා දැවී 81
( සඳරු තීක්ෂණ 16, කවිෂ් සත්සර 07/4, ධනුෂ්ක මධුශාන් 00/2, හිරුෂ දෙව්මිණ 24/2 )


අදහස් (0)

නෙත්සර - සත්සර කුලරත්නය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.