Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නේතෘ නැවතත් නිතරගයෙන් එයි

නේතෘ නැවතත් නිතරගයෙන් එයි

editorial - 2021 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මැයි  29 වැනිදා පැවැත්වීමට අපේක්ෂිත ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලවරණයේදී සභාපති ධුරය නිතරඟයෙන් තහවුරැ කර ගැනීමට නේතෘ නානායක්කාර මහතා සමත්ව සිටියි. එහිදී උපසභාපති ධුර හැරෙන්නට සංගමයේ සෙසු ප්‍රධාන තනතුරැද මේ වනවිටත් නිතරගයෙන් පිරවී අවසන්ය.

උපසභාපති ධුර පහක් සඳහා නාමයෝජනා හතක් ඉදිරිපත්වී ඇතත් ඉන් දෙකක් ඉවත්කර ගැනීමේ සූදානමක් පවතී. එබැවින් මෙවර නිලවරණයේදී ජල ක්‍රීඩා සංගමයේ සමස්ත විධායක සභාවම නිතරගයෙන් පත්වනු ඇතැයිද වාර්තා වේ.

වසර කීපයක් තිස්සේ බලපැවැත්වෙන ශ්‍රී ලංකාවේ ලංකාවේ ජල ක්‍රීඩා තහනම හමුවේත් පසුගිය වසරකට වැඩි කාලයක් පුරා උද්ගතව පවතින කොවිඩ් අර්බුදය හමුවේත් ඉතා අසීරැ කාලයක් ගෙවා දැමීමට ජල ක්‍රීඩා සංගමයට සිදුවිය.

මැයි 29 වැනිදා පෙරවරැ 10.00 ට ආරම්භ වන ශ්‍රී  ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය නිරීක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික ජල ක්‍රීඩා සංගමයට ආරාධනා කිරීමට ද තීරණය වී තිබේ. ජල ක්‍රීඩා සංගමයේ වත්මන් සභාපති නේතෘ නානායක්කාර මහතා ලංකාදීපයට පැවසුවේ එහි නියෝජිතයකුට නිලවරණය නිරීක්ෂණය කිරීමට පැමිණෙන ලෙස ආරාධනා කර සිටින බවයි.

ශ්‍රී ලංකාවේ වත්මන් ජල ක්‍රීඩා පරිපාලනය අන්තර්ජාතික ජල ක්‍රීඩා සංගමය විසින් තවදුරටත් ප්‍රතික්ෂේප කරනු ලබන හෙයින් නිලවරණය නිරීක්ෂණය කිරීමට අන්තර්ජාතික සංගමයට ආරාධනා කර තිබේ. වසර 2016 සිට ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ජල ක්‍රීඩා තරග තහනමක්ද පැනවී  තිබේ.

ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා සංගමයේ පරිපාලනයට අතුරැ කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය පසුගිය වසර කීපයකට පෙර උත්සාසහ කළේය. එහෙත් එය දේශපාලන අතපෙවීමක් බවට ජාත්‍යන්තර ජලක්‍රීඩා සංගමය චෝදනා කරයි.

ඒ හේතුවෙන් අන්තර්ජාතික ජල ක්‍රීඩා සංගමය තවමත් පිළිගෙන ඇත්තේ හිටපු සභාපති මහින්ද ලියනගේ මහතා සභාපතිත්වය දැරෑ විධායක සභාවයි.

නැවැත සභාපති ධූරය තහවුරැ කරගත් නේතෘ නානායක්කාර මහතා කොළඹ රාජකීය විදුහලෙන් ජල ක්‍රීඩාවට පිවිසි හිටපු ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකි. ඔහු ජල ක්‍රීඩා සංගමයේ මුල් පුටුවට පත්වෙන්නේ තෙවැනි වතාවටයි. කොළඹ රාජකීය විදුහල් ජල ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපතිවරයා වන්නේද ඔහුය.

තමාගේ පළමු උත්සහය වන්නේ ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා තහනම ඉවත් කරවා ගැනීම බව ද ඔහු පවසයි. ඒ සඳහා ඔහු වත්මන් පාලන සමයේදී උත්සහයක් දැරෑ නමුත් එය ප්‍රතිඵලදායක නොවීය.

නේතෘ නානායක්කාර මහතා ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා තහනම ඉවත් කරවා ගැනීමට අන්තර්ජාතික ජල ක්‍රීඩා සංගමයට අභියාචනයක් ඉදිරිපත් කළේය. ඒ අතර වත්මන් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා ද ඒ සඳහා පෞද්ගලිකවම අන්තර්ජාතික සංගමයට ලිපියක් යොමු කර සිටියේය.

හිටපු සභාපතිවරයකු වන මහින්ද ලියනගේ මහතා මෙවර ක්‍රියාකාරී කමිටුවට එක්ව සිටියි. මෙවර ජල ක්‍රීඩා නිලවරණය සඳහා ක්‍රීඩා සමාජ 29 ක් සහභාගි වේ.

ශ්‍රී  ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලවරණයට (2021 – 23) ඉදිරිපත්වූ නාමයෝජනා.

සභාපති ධුරයට -  නේතෘ නානායක්කාර මහතා (නිතරඟයෙන්)

ලේකම් ධුරයට – අසංග රංජිත් වරැසවිතාන මහතා (නිතරඟයෙන්)

භාණ්ඩාගාරික ධුරයට – සංජීව අබේසිංහ මහතා (නිතරඟයෙන්)

උපසභාපති ධුර (5) – එච්.එච්. චූලසිරි, බී.ඩී.ඊ.සී. බැඳිලියනගේ, නේතෘ නානායක්කාර, චමින්ද බමුණුආරච්චි, මානද යහම්පත්, අචල සිල්වා, ශෂිකලා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු

උපලේකම් - දර්ශන ඩයස් මහතා (නිතරඟයෙන්)

උපභාණ්ඩාගාරික ධුරයට – සුමුදු සුපුන් ලියනගේ හා ශෂිකලා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු

ක්‍රියාකාරී කමිටුව – මහින්ද ලියනගේ, සම්පත් සුමනසිරි, සුසිල් රාමනායක, ශ්‍රියා පත්මසිරි, පී.එස්.ඒ.ඩී. දයානන්ද යන මහත්ම මහත්මීහු


අදහස් (0)

නේතෘ නැවතත් නිතරගයෙන් එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.