Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩෙවොන් තෝමස්ට තහංචි

ඩෙවොන් තෝමස්ට තහංචි

editorial - 2023 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග පාවාදීමේ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ඩෙවොන් තෝමස්ට ක්‍රිකට් තහනමක් පනවා ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට්, එක්සත් ආරාබි එමීර් ක්‍රිකට් මණ්ඩලය සහ කැරීබියන් ප්‍රිමියර් ලීග් තරග සංවිධායකයන් වෙනුවෙන්, වහාම ක්‍රියාත්මක වන පරිදි, ඩෙවොන් තෝමස්ට මූලික තහනමක් පැනවීම අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර ඇත.

මෙම තහනම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඩෙවොන් තෝමස්ට දින 14 ක කාලයක් දී තිබේ.

මෙම තහනමට අදාළ කරුණු සම්බන්ධයෙන් කොදෙව් ක්‍රිකට් ආයතනයේ සෘජු සම්බන්ධයක් නැතත්, ඔවුන්ගේ පූර්ණ සහයෝගය අන්තර්ජාතික ක්‍රිකට් සභාවට හිමිවී තිබේ.

- 213


අදහස් (0)

ඩෙවොන් තෝමස්ට තහංචි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.