Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩී.එස්.අයි. පාසල් වොලිබෝල් ජාතික වටයට කණ්ඩායම් 500 ක්

ඩී.එස්.අයි. පාසල් වොලිබෝල් ජාතික වටයට කණ්ඩායම් 500 ක්

editorial - 2022 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වර්ෂා කාලගුණය හමුවේ අත්හිටු වූ අන්තර් පාසල් ඩී.එස්.අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගමාලාවේ ජාතික (දෙවැනි) වටය කණ්ඩායම් 500 කගේ සහභාගිත්වයෙන් ලබන නොවැම්බර් 9, 10, 11 යන දිනවල සීදූව දවිසමර මහා විදුහල් පිටියේදී පැවැත්වීමට නියමිතය.

එය කලින්  පැවැත්වීමට යොදාගෙන තිබුණේ මෙම 26, 27, 28 යන දිනවලදීය. වයස ඛාණ්ඩ පහක් යටතේ පැවැත්වෙන මෙම තරගමාලාවේ ජාතික වටයට නිර්දේශ ලබා ඇත්තේ මූලික වටය ලෙස පැවැති දිස්ත්‍රික් වටයේ ශූරතා හා අනුශූරතා ලාභී කණ්ඩායම්ය.

වයස 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ හා 19 න් පහළ බාලක හා බාලිකා කණ්ඩායම් 15 ක් නොවැම්බර් 9 වැනිදා සීදුවේදී ආරම්භ වන ජාතික වටයට සහභාගී වෙති.

ඒ මූලික වටය සඳහා සහභාගී වූ දිස්ත්‍රික් හා කලාප 25 ක එක් වයස් කාණ්ඩයකින් ශූරතාව හා අනුශූරතාව ලැබූ බාලක හා බාලිකා කණ්ඩායම් 20 ක් බැගින් එක් දිස්ත්‍රික්කයකින් නිර්දේශ ලබා ගැනීමේ පදනම මතය.

ජාතික තරග වටය හමුවේ වයස් ඛාණ්ඩ පහේම තරගමාලාවන්හි අවසන් මහ තරග සඳහා තේරෙන බාලක හා බාලිකා කණ්ඩායම් 20 ක් නිර්දේශ කර ගැනේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ සහයෝගයෙන් හා ඩී.එස්.අයි. පාවහන් සමාගමේ අනුග්‍රහයෙන් මෙවරත් සංවිධානය කරන තරගමාලාවේ අවසන් මහ තරග ලබන දෙසැම්බර් 1-2 යන දිනවල කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වීමට මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා තිබේ.


අදහස් (0)

ඩී.එස්.අයි. පාසල් වොලිබෝල් ජාතික වටයට කණ්ඩායම් 500 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.