Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩිලන්ත මාලගමුව ජයග්‍රාහකයන්ගේ වේදිකාවට

ඩිලන්ත මාලගමුව ජයග්‍රාහකයන්ගේ වේදිකාවට

ශානුක අරවින්ද - 2020 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නුවර කැටලුන්යා ධාවනපථයේදී පැවැති 2020 ‘ලැම්බොගිනි සුපර් ට්‍රෝෆියෝ’ තරග මාලාවේ පළමු  අදියරේ තෙවැනි ස්ථානය හිමිකරගත් ඩිලන්ත මාලගමුව දෙවැනි අදියරේ දෙවැනි ස්ථානය හිමිකරගැනීමට සමත් විය.

ඩිලන්ත මාලගමුව ආසියාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගිවන එකම තරගකරුවාද වෙයි.  

වසරකට පමණ පසුව මාලගමුව සහභාගි වූ පළමු ජාත්‍යන්තර මෝටර් රථ තරගය මෙය වූ අතර එහිදී ඔහු ඉතාලි‍ ජාතික මැසිමෝ මන්ටොවානි සමග එක්ව තරග වැදිණ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මෝටර් රථ රියදුරකු මෙන්ම තාක්ෂණික ශිල්පියකුද වන අශාන් සිල්වා මෙම තරගමාලාවේදී මාලගමුවගේ තාක්ෂණික ශිල්පියා ලෙස කටයුතු කරයි.

මෙම තරග මාලාවේ දෙවැනි තරගාවලිය ඔක්තොබර් මස 20 වැනිදා සිට 24 වැනිදා දක්වා බෙල්ජියමේ ස්පා ප්‍රැන්කොචෑම්ප්ස් ධාවන පථයේදී පැවැත්වෙන අතර තෙවැනි තරගාවලිය නොවැම්බර් මස 13 වැනිදා සිට 15 වැනිදා දක්වා ප්‍රංශයේ පෝල් රිකාඩ් ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.

-036

 


අදහස් (0)

ඩිලන්ත මාලගමුව ජයග්‍රාහකයන්ගේ වේදිකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.