Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජෝෂප් වාස් විදුහලට කඩුලු 6 ක ජයක්

ජෝෂප් වාස් විදුහලට කඩුලු 6 ක ජයක්

editorial - 2022 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෑගල්ල ශාන්ත මරියා විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල අතර මීගමුව කදිරාන ක්‍රීඩාංගණයේදී පැවැති 11 වැනි ‘සහෝදරයන්ගේ සටන’ වාර්ෂික එක්දින තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් වාස් විදුහල අද (29 වැනිදා) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 88 කට ඉලක්කයක් හඹාගිය ශාන්ත ජෝෂප් වාස් ක්‍රීඩකයෝ ඕවර 21.5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී ශාන්ත මරියා විදුහලේ ෂෙනෝල් අප්පුහාමි ලකුණු 39 කට කඩුලු 3 ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත මරියා විදුහලට කෞෂාන් විජේරත්න ප්‍රමුඛ ශාන්ත ජෝෂප් වාස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 32.4 ක් අවසන්වන විට ලබාගත හැකි වූයේ ලකුණු 87 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කෞෂාන් ලකුණු 20 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ශාන්ත මරියා ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ධනුක නිර්මාල් ලකුණු 10 කට කඩුලු 3 ක්ද, මෙනූෂ පෙරේරා ලකුණු 18 කට කඩුලු 2 ක්ද දවාගත්හ.


ශාන්ත මරියා විදුහල - ඕවර 32.4 කදී සියලු දෙනා දැවී 87
(ශවින් වීරසූරිය 25, කෞෂාන් විජේරත්න 20/4, ධනුක නිර්මාල් 10/3, මෙනූෂ පෙරේරා 18/2)
 
ශාන්ත ජෝෂප් වාස් විදුහල - ඕවර 21.5 කදී කඩුලු 4 ක් දැවී 88
(චමත් යෂෝහාර 22, ෂෙනෝල් අප්පුහාමි 39/3)

-036

 


අදහස් (0)

ජෝෂප් වාස් විදුහලට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.