Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International රාජස්ථාන් පිලත් තරගාවලියෙන් ඉවතට
අයි.පී.එල්. - 2025

රාජස්ථාන් පිලත් තරගාවලියෙන් ඉවතට

editorial - 2025 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 50 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර ජායිපූර් නුවර සවායි මාන්සිංහම් ක්‍රීඩාංගණයේදී ඊයේ (1 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 100 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට මුම්බායි කණ්ඩායම සමත් විය. 

මුම්බායි කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ හත්වැනි ජය මෙන්ම පිට පිටම ලැබූ හයවැනි ජයද මෙය විය. මෙම ජයත් සමග ලකුණු සටහනේ පළමු ස්ථානය දක්වා ඉහළ නැගීමටද ඔවුන්ට හැකි වූහ. කෙසේ වුවත් එහිදී ලැබූ පරාජයත් සමග රාජස්ථාන් කණ්ඩායමට තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට තිබූ අවසන් අවස්ථාවද ගිළිහී ගියේය. 

ඒ අනුව මෙවර අයි.පී.එල්. තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවූ දෙවැනි කණ්ඩායම බවට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කණ්ඩායම පත්විය. මේ දක්වා සහභාගි වූ තරග 11 න් 8 ක්ම පරාජය වූ ඔවුන් ජයගෙන ඇත්තේ තරග 3 ක් පමණි. ඔවුන්ට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමද තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 217 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් කණ්ඩායම‍ට ඕවර 16.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117 ක් පමණි. එහිදී කරන් ශර්මා ලකුණු 23 කට කඩුලු 3 ක්ද, ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 28 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් රාජස්ථාන් ඉනිම සුනුවිසුණු කර දැමූ අතර ලකුණු 15 කට කඩුලු 2 ක් දවාගත් ජස්ප්‍රීට් බුම්රා ඔවුන්ට අනගි සහායක් දුන්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 217 ක් ලබාගත් අතර එහිදී ආරම්භක පිතිකරු රයන් රිකෙල්ටන් පන්දු 38 කින් ලකුණු 61 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. මුම්බායි කණ්ඩායමේ හිටපු නායක රෝහිත් ශර්මා පන්දු 36 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 53 ක් රැස්කළේය.     

අවසන් ඕවර කිහිපයේදී රාජස්ථාන් පන්දු යවන්නන්ට එළව එළවා පහර දෙමින් අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වූ නායක හර්දීක් පාණ්ඩ්‍යා සහ සූර්යකුමාර් යාදව් පන්දු 23 කට බැගින් මුහුණ දෙමින් නොදැවී ලකුණු 48 බැගින් රැස්කළහ. එහිදී පාණ්ඩ්‍යාගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 6 කින්ද, යාදව්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

 

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 217  
(රයන් රිකෙල්ටන් 61, රෝහිත් ශර්මා 53, සූර්යකුමාර් යාදව් නොදැවී 48, හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 48) 

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 16.1 කදී සියලු දෙනා දැවී 117
(රියාන් පරාග් 16, ශුභම් ඩූබේ 15, ජොෆ්රා ආචර් 30, කරන් ශර්මා 23/3, ට්‍රෙන්ට් බෝල්ට් 28/3, ජස්ප්‍රීට් බුම්රා 15/2) 

-036 


අදහස් (0)

රාජස්ථාන් පිලත් තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.