Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කවාජා - කැමරන් ඕස්ට්‍රේලියාව ඔසවා තබති
අහමදාබාද් ටෙස්ට් තරගය

කවාජා - කැමරන් ඕස්ට්‍රේලියාව ඔසවා තබති

editorial - 2023 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (9 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 255 ක් ලබා සිටියේය.

පළමු දිනය නිමාවට පත්වන විට ආරම්භක පිතිකරු උස්මාන් කවාජා හතරේ පහර 15 ක් සමග නොදැවී ලකුණු 104 ක්ද, කැමරන් ග්‍රීන් හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 49 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව සිය කණ්ඩායමේ පස්වැනි කඩුල්ල සඳහා ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 85 කි.

කවාජා සහ ට්‍රැවීස් හෙඩ් (32) අතර පළමු කඩුල්ල සඳහා පැවැති සම්බන්ධතාව ලකුණු 61 කට සීමා කළ රවිචන්ද්‍රන් අෂ්වින්, ඕස්ටේ්‍රලියානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස හෙඩ් දවාගත්තේය. එතැන් පටන් ලකුණු පුවරුවට තවත් ලකුණු 11 ක් එක්වන විට මානස් ලැබුෂේන් දැවී ගියේ මොහොමඩ් සාමිගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.

ඉන් අනතුරුව කවාජා සමග එක්වූ නායක ස්ටීවන් ස්මිත් (38) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක් එක් කිරීමට සමත් විය. රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී යන විට ස්මිත්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් වී තිබිණ. මොහොමඩ් සාමිගේ දෙවැනි ගොදුර බවට පත්වන විට පීටර් හෑන්ඩ්ස්කෝම්බ් ලබා සිටියේ ලකුණු 17 ක් පමණි.

 
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුලු 4 කට 255
(ට්‍රැවීස් හෙඩ් 32, උස්මාන් කවාජා නොදැවී 104, ස්ටීවන් ස්මිත් 38, පීටර් හෑන්ඩ්ස්කෝම්බ් 17, කැමරන් ග්‍රීන් නොදැවී 49, මොහොමඩ් සාමි 65/2)

-036


අදහස් (0)

කවාජා - කැමරන් ඕස්ට්‍රේලියාව ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.