Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තියුණු පරාජයක් ලබති
යොවුන් කාන්තා ලෝක කුසලාන

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තියුණු පරාජයක් ලබති

editorial - 2023 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව අද (16 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 10 ක තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම තරගාලියේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ලැබූ පළමු පරාජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 155 ක් පමණි. නායිකා විෂ්මි ගුණරත්ණ පන්දු 54 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 61 ක් ලබාගත්තද, ඇයට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූවාය.

ලකුණු 24 කට කඩුලු 2 ක් බිඳවැටුණ අවස්ථාවේදී දෙව්මි විහන්ගා (55) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ලකුණු 96 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද විෂ්මි සමත් වූවාය. පන්දු 44 කදී වාර්තා වූ විහන්ගාගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.

තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට අවසන් ඕවරයේදී ලකුණු 26 ක් රැස්කිරීමට සිදුවිය. අවසන් පන්දු 3 ටම හතරේ පහර 3 ක් එල්ල කිරීමට දුලංගා දිසානායක සමත් වුවද, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට එරම් එය ප්‍රමාණවත් නොවීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 165 ක් ලබාගත්හ. එහිදී ආරම්භක පිතිකාරිණී අෆීෆා හුමාරියා (53) සහ ශොර්නා අක්තර් (නොදැවී 50) අර්ධ ශතක ලබාගනිමින් බංග්ලාදේශ ඉනිම සවිමත් කළහ.

පන්දු 43 කට මුහුණදුන් හුමාරියා හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 28 කදී වාර්තා වූ ශොර්මාගේ වේගවත් අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.


බංග්ලාදේශ යොවුන් කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 2 කට 165
(අෆීෆා හුමාරියා 53, රෙනී සාහා 14, දිල්හාරා අක්තර් නොදැවී 36, ශෝර්නා අක්තර් නොදැවී 50)

ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 155
(විෂ්මි ගුණරත්න නොදැවී 61, දෙව්මි විහන්ගා 55, දුලංගා දිසානායක නොදැවී 12, මරූෆා අක්තර් 19/2)

-036


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තියුණු පරාජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.