Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මලාන් එංගලන්තය දිනවයි
මිර්පූර් ටෙස්ට් තරගය

මලාන් එංගලන්තය දිනවයි

editorial - 2023 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් කණ්ඩායම නවසීලන්තයේ සිටියදී බංග්ලාදේශය සමගින් එක්දින තරගාලියකට පිළිපන් එංගලන්ත කණ්ඩායම මිර්පූර් නුවරදී අද (01 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී කඩුලු 3 ක පහසු ජයක් ලබාගත්තේය. එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඩේවිඩ් මලාන්, පන්දු 145 කට මුහුණ දෙමින් ලකුණු 114 ක් ලබාගත්තේය.

ලකුණු 210 ක පහසු ඉලක්කයක් කරා යද්දීත් එංගලන්ත පිතිකරුවෝ එකා පසුපස එකා දැවී ගියහ. එහෙත් නොසැලී තම කඩුල්ල රැකගත් අංක 3 පිතිකරුවා ලෙසින් දෙවැනි ඕවරයේදී පිටියට පිවිසි ඩේවිඩ් මලාන්, ආපසු ක්‍රීඩාගාරයට ගියේ 49 වැනි ඕවරයේදී තරගය ජයගැනීමෙන් පසුවය.


බංග්ලාදේශය - ඕවර 47.2 කදී සියලු දෙනා දැවී 209 යි
(ටමීම් ඉක්බාල් 23, නජ්මුල් හොසේන් ශන්ටෝ 58, මුෂ්ෆිකුර් රහීම් 16, මහමදුල්ලා 31, ටස්කින් අහමඩ් 14, තයිජුල් ඉස්ලාම් 10, ජොෆ්රා ආචර් 37/2, මාක් වුඩ් 34/2, මොයින් අලී 35/2, අදිල් රෂීඩ් 47/2)

එංගලන්තය - ඕවර 48.4 කදී කඩුලු 7 ට 212 යි
(පිල් සෝල්ට් 12, ඩේවිඩ් මලාන් නොදැවී 114, විල් ජැක්ස් 26, මොයීන් අලී 14, අදිල් රෂීඩ් නොදැවී 17, තයිජුල් ඉස්ලාම් 54/3, මෙහෙදි හසන් මිරාස් 35/2)

- 213


අදහස් (0)

මලාන් එංගලන්තය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.