Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කොදෙව් පළමු ඉනිම 251 කට සීමා වෙයි
ජොහැන්නස්බර්ග් ටෙස්ට් තරගය

කොදෙව් පළමු ඉනිම 251 කට සීමා වෙයි

editorial - 2023 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ජොහැන්ස්බර්ග්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (9 වැනිදා) කොදෙව් පළමු ඉනිම ලකුණු 251 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.

ලකුණු 69 ක වාසියක් සමග දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානු කණ්ඩායම, දෙවැනි දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 4 ක් ලබා කොදෙව්වන්ට වඩා ලකුණු 73 ක් ඉදිරියෙන් පසුවිය.

පළමු දිනය වූ ඊයේ (8 වැනිදා) තරගය නතර කරන විය කඩුලු 7 ක් දැවී ලකුණු 311 ක් ලබා සිටි දකුණු අප්‍රිකානුවට අද දිනයේදී සිය පළමු ඉනිමට එක්කර ගත හැකි වූයේ ලකුණු 9 ක් පමණි. එහිදී ආරම්භක පිතිකරු ඒඩ්න් මාක්‍රම් හතරේ පහර 17 ක් සමග ලකුණු 96 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 51 ක් තුළ බිඳවැටුණද, රොස්ටන් චේස් (28) සහ කයිල් මේයර්ස් (29) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. ඔවුන් දෙදෙනාගේ දැවී යෑම්වලින් අනතුරුව කොදෙව් ඉනිම යළිත් වරක් කඩා වැටිණ.

එහෙත් එක් අන්තයක් රැකගෙන හුදෙකලා පිතිහරඹයක නිරත වූ ජේසන් හෝල්ඩර්, හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 81 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. අවසන් පිතිකරුවා වූ ගුඩකේෂ් මොන්ටි (17) සමග එක්ව 10 වැනි කඩුල්ලට සඳහා ලකුණු 58 ක් එක් කිරීමටද හෝල්ඩර් සමත් විය.


දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 320
කෙදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 251

(රොස්ටන් චේස් 28, කයිල් මේයර්ස් 29, ජොෂුවා ද සිල්වා 26, ජේසන් හෝල්ඩර් නොදැවී 81, ජෙරල්ඩ් කෙයෙට්ස් 41/3, කගිසෝ රබාඩා 19/2, සිමොන් හැමර් 63/2)
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 04

-036

 


අදහස් (0)

කොදෙව් පළමු ඉනිම 251 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.